කොරෝනා ආසාදනය වීමෙන් මියයන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පැනනැගී තිබු අර්බුදය නිම කරමින්, වසංගතයට ගොදුරුවී මියයන මුස්ලිම්වරුන් ගේ දේහයන් ලෝක සෞඛ්‍ය
සංවිධානයේ හා මෙරට විශේෂඥයින්ගේ නිර්දේශ මත භූමදාන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. 
 
ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රීකාවක් සැලකිල්ලට ගනිමිනි.
 
ඒ අනුව මෙරට විශේෂඥයින් කණ්ඩායමකගේ නිර්දේශයන්ට අනුකුලව මන්නාරම ප්‍රදේශයේ තෝරාගනු ලැබූ භූමියක කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම්වරුන්ගේ දේහයන් භූමදානය කිරීමට රජයේ අනුමැතිය ලැබී තිබේ.
 
ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික පිලිවෙත නොතකා රජය විසින් මේ වන විට කොරෝනාබාධිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන් නම දෙනකුගේ සිරුරු පුළුස්සා ඇති බව නොවැම්බර් 3 අඟහරුවාදා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළ 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ආගමානුකුල ලෙස අවසන් ගමන් යාමට ඔහුට මෙන්ම, අලි සබ්රි අමාත්‍යවරයාටද නොහැකිවීමේ අවදානම ගැන අනතුරු ඇඟවීය.
 
අගමැති මිට මාස 6 කට පෙර පත්කළ කමිටුව :
 
ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබු අතර ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය.
 
ඒ අනුව, කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කළ හැකි ආකාරය පිළිබදව සොයා බලා, විද්‍යාත්මක නිර්දේශ ඉක්මනින් ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට පසුගිය අප්‍රේල් 02 ද පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ එකග වී තිබිණ. 
 
කෙසේවුවද, මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධකරගෙන මුස්ලිම් මෘතදේහ භූමදාන කිරීමට අවසර ලබාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වෙත අනන්ත අප්‍රමාණ ස්තුතිය පලකරන බව සිලෝන් තවුහිද් ජාමාත් සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
 

WhatsApp Image 2020 11 10 at 8.59.11 AM

සබැඳි පුවත් :
 

කොරෝනා මරණ : 'මුස්ලිම් දේහයන් වලදානවද පුච්චනවද? -සජීත් අසයි ; මැතිසබය උණුසුම් ! 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන බලවත් මුස්ලිම් රාජ්‍ය වලින් තරවටුවක්!

මුස්ලිම් විරෝධී වලදැමීම් හා වෛර කතා නවතන පියවර ගන්නා මෙන් එක්සත් ජාතීහු ඉල්ලති 

ජාතිවාදය අවුස්සන බවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් චෝදනා 

කොරෝනා මරණ : මුස්ලිම් දේහයන් වලදානවද ගිනිතියනවද?  :''විශේෂඥ කමිටුවක් පත් කරන්න'' - වෛද්‍ය සංගමය රජයට කියයි 

කොරෝනා සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා" 

කෝවිඩ් ඇතැයි සැක කළ පලියටත් මුස්ලිම් මල සිරුරක් පුච්චලා! 

මුස්ලිම් දේහයන් ආදාහනය ගැන ACJU සභාපති නොකියපු කතාවක් !

''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' !  - THE LEADER පුවතට එරෙහිව 'පොහොට්ටුවෙන්' CIDයට පැමිණිල්ලක්! 

''කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා'' -ෆයිසර් මුස්තාෆා බැගෑපත් වේ (VIDEO) 

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්! 

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

''කොරෝනා ආසාදනයෙන් මියයන කතෝලිකයින් පුච්චන්න එපා'' - ඖෂල හේරත් ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් !  

ලංකාවේ කොරෝනා දේහයන් පිච්චීම ගැන BBC වැඩසටහනක් 15 දා !

''මියයන කොරෝනා රෝගීන් සාජා හි භූමදාන නොකළ යුතුයි'' - සුල්තාන්ගේ ප්‍රකාශය ගැන උලමා සංවිධානයේ ස්ථාවරය වහා රටට කියන්න ! 

කොරෝනා රෝගීන්ගේ මෘතදේහ භූමදානය නොකිරීම :එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් කරුණු විමසයි 

කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වේ. නැවත සමාලෝචනයෙන් පසු අවසාන තීරණය ඉදිරි දින දෙක තුළදී!  

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්