කොරෝනා ආසාදනය වීමෙන් මියයන ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන්ගේ අවසන් කටයුතු

සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් සිදු කළ ඉල්ලීමට හය මසක් යනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ බලවත්  කනස්සල්ලත්, විරෝධයත් පල වී තිබේ.

වසංගතයට ගොදුරුවී මියයන මුස්ලිම්වරුන් ගේ සිරුරු පිළිස්සීමට රජය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකා පියවර ගැනීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ඇත්තේ හය මසකට ඉහතදීය.

කඩිනමින් එම කමිටුව ස්ථාපිත කර මෙරට මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භුමදානය කිරීමේ මානුෂික අයිතිය ලබා  දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නොවැම්බර් 3 අඟහරුවාදා පාර්ලිමේන්තුවේදීය.

Mujiber Rahumanඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික පිලිවෙත නොතකා රජය විසින් මේ වන විට කොරෝනාබාධිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන් නම දෙනකුගේ සිරුරු පුළුස්සා ඇති බව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළ විපක්ෂ මන්ත්‍රීවරයා ආගමානුකුල ලෙස අවසන් ගමන් යාමට ඔහුට මෙන්ම, අලි සබ්රි අමාත්‍යවරයාටද නොහැකිවීමේ අවදානම ගැන අනතුරු ඇඟවීය.

 “අද වෙන කොට නම දෙනයි. තව මේක කල් යන්න කල් යන්න මේක වැඩි වෙනවා. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මැරුනොත් ඔබතුමාවත් පුච්චනවා. මම මැරුනොත් මාවත් පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න. " රහුමාන් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයාට අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු  කර තිබුනු පරිදි නොවැම්බර් 3 අඟහරුවාදා වන විට කොව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුලදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව  24 කි.

 

අන්තවාදී තීන්දුවක් !

SajithPකොරෝනා වසංගතය ආසාදනය වීමෙන් සිදුවන මරණයකදී අදාල පාර්ශවයන්ගේ කැමැත්ත මත අවසන් කටයුතු භුමදානය හෝ ආදාහනය යන දෙආකාරයෙන් කැමති ආකාරයකට සිදු කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබියදීත්, ආණ්ඩුව මෙරට  මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ගෙන ඇත්තේ අන්තවාදී තීන්දුවක් බවට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.

 විපක්ෂ නායකයා  එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ  අලි සබ්රි සදහන් කළේ, මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් එම ජනතාවට ප්‍රශ්නයක් පැවතියත් එය දේශපාලනීකරණය කර නොගත යුතු බවයි.

Ali Sabry 22කොරෝනාබාධිතව මිය යන මුස්ලිම් ජාතිකයනගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා අපක්ෂපාති විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස මහාචාර්ය වජිර දිසානායක හා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රමුඛ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ ඉල්ලීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන්ද විපක්ෂ නායකයා ආණ්ඩුවට චෝදනා කළේය.

එම චෝදනාවට අධිකරණ අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරමින් සිටින බවයි.

 

කමිටු මොකටද ?

මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු භුමදානය කිරීමේ අයිතිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබියදීත් අධිකරණ අමාත්‍ය වරයා විසින් කමිටු පත් කරන්නේ කුමකටදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

 ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් පසුගියදා  ඉදිරිපත් කර තිබුනි.

MASපුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් එම කෙටුම් පත ගැසට්ගත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම් වරයා වෙත එය යවා තිබුනේ  බ්‍රිතාන්‍ය පාලන සමයේ අනපනත් යොදාගෙන දෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමේදී ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන ආකාරය අමානුෂික බවට පැමිණිලි ගොනුවෙමින් පවතිද්දීය.

 මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස එය හඳුන්වා දී තිබේ.    

 

ලෝකෙටම වෙනස් ලංකාව !

Lanka Muslim11

කෝවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ මුල් වටයේ පැතිරීම ආරම්භ වීමත් සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට පසුගියදා  දැනුම් දීමක් ද කර තිබුනි.

 මුස්ලිම්වරුන්ට එරෙහිව කෙරෙන වෙනස්කම් පෑම් හෙලා දකින රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා තිබුනි.

කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර  හා දේශීය මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර තිබේ.

සබැඳි පුවත් :

කොරෝනා මරණ : 'මුස්ලිම් දේහයන් වලදානවද පුච්චනවද? -සජීත් අසයි ; මැතිසබය උණුසුම් ! 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන බලවත් මුස්ලිම් රාජ්‍ය වලින් තරවටුවක්!

මුස්ලිම් විරෝධී වලදැමීම් හා වෛර කතා නවතන පියවර ගන්නා මෙන් එක්සත් ජාතීහු ඉල්ලති 

ජාතිවාදය අවුස්සන බවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් චෝදනා 

කොරෝනා මරණ : මුස්ලිම් දේහයන් වලදානවද ගිනිතියනවද?  :''විශේෂඥ කමිටුවක් පත් කරන්න'' - වෛද්‍ය සංගමය රජයට කියයි 

කොරෝනා සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආදාහන: "මගේ පවුලට වෙච්ච දේ මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙන්න එපා" 

කෝවිඩ් ඇතැයි සැක කළ පලියටත් මුස්ලිම් මල සිරුරක් පුච්චලා! 

මුස්ලිම් දේහයන් ආදාහනය ගැන ACJU සභාපති නොකියපු කතාවක් !

''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්'' !  - THE LEADER පුවතට එරෙහිව 'පොහොට්ටුවෙන්' CIDයට පැමිණිල්ලක්! 

''කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා'' -ෆයිසර් මුස්තාෆා බැගෑපත් වේ (VIDEO) 

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්! 

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

''කොරෝනා ආසාදනයෙන් මියයන කතෝලිකයින් පුච්චන්න එපා'' - ඖෂල හේරත් ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් !  

ලංකාවේ කොරෝනා දේහයන් පිච්චීම ගැන BBC වැඩසටහනක් 15 දා !

''මියයන කොරෝනා රෝගීන් සාජා හි භූමදාන නොකළ යුතුයි'' - සුල්තාන්ගේ ප්‍රකාශය ගැන උලමා සංවිධානයේ ස්ථාවරය වහා රටට කියන්න ! 

කොරෝනා රෝගීන්ගේ මෘතදේහ භූමදානය නොකිරීම :එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් කරුණු විමසයි 

කොරෝනා මෘතදේහ ආදාහනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වේ. නැවත සමාලෝචනයෙන් පසු අවසාන තීරණය ඉදිරි දින දෙක තුළදී!  

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්