leader s

 මේවනවිට අමාත්‍යංශවල වැඩකටයුතු මුළුමනින්ම අඩපන වී ඇති බවත්, පසුගිය වසරේ හරියට වැඩක් කළේ ජනතිපතිතුමත්, හමුදාපතිතුමාත්, තමාත් පමණක් බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පවසයි.
මෙම තත්වය තුල ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවද ජනාධිපති ලේකම්වරයා කියා සිටියි.
 
ඔහු එම කාරණා සඳහන් කර ඇත්තේ, පසුගිය සෙනසුරාදා (02) දිනයේ අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට වෙන වෙනම කැඳවමිනි. 
 
එදින පෙරවරු 10.00ට අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවූ ජනාධිපති ලේකම්වරයා, පස්වරු  2.00ට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා තිබිණ.
 
පසුගිය වසරේදී ජනාධිපතිවරයා බලාපොරොත්තු සංවර්ධන ඉලක්කයෙන් අඩක්වත් ඉටුකරලීමට ඇතැම් අමාත්‍යංශ අසමත්වීම සම්බන්ධයෙන් බරපතල දෝෂාරෝපණයක් කර ඇති ජනාධිපති ලේකම්වරයා, එම තත්වය තුල ඉදිරියේදී සියලුම අමාත්‍යංශවල අතිරේක ලේකම් (සංවර්ධන) තනතුරු ඇතිකර ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට සිදුවනු ඇතැයි අනතුරු හඟවා ඇත.
 
සෑම  අමාත්‍යංශයක් තුළම අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපිතකර ඒ සඳහා
 
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි theleader.lk දෙසැම්බර් 31දා වාර්තා කළේය.
 
 
දිස්ත්‍රීක් ලේකම්වරුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳව සැහීමකට පත් නොවූ ජනාධිපතිවරයා මේවසරේ ජනවාරි 01දා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ලැබිය.
 
 
සබැඳි පුවත් :
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්