උතුරු හා නැගෙනහිර ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස බලකරමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කරමින් පවතින සාම පාද යාත්‍රාව කඩාකප්පල් කිරීමට නීතිමය පියවරට

අමතරව තුන්වැනි දිනයේදී එයට ගල් මුල් ප්‍රහාර ද එල්ලවී තිබේ.
 
 පාද යාත්‍රාවේ තුන්වැනි දිනය වන අද පෙරවරුවේ ත්‍රිකුණාමලයෙන් ගමන් ඇරඹු එය අද සවස් වන විට උතුරු පලාතට කරා ලඟා වී ඇත.
 
 සාම පාද යාත්‍රාව සමග ගමන් ගන්නා රථයකට ත්‍රිකුණාමලය ජුමාලියා ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වු බව එහි සිටින පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
 මේ අතර පාද යාත්‍රාව සමග ගමන් ගන්නා වාහන වල ටයර් වලට හානි සිදු කිරීමේ අරමුනින් ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේ යාන් ඔය පාලම ඉදිරිපිට යුද හමුදා මුරපොලක් අසල පාර මැද යකඩ ඇණ තබා තිබෙනු විරෝධතා කරුවන් පොලිසියට පෙන්වා දී තිබේ.
 
 
 

ana 2021.02.05

 
 
"පාරේ ඇණ දාලා, යකඩ ඇණ දාලා අපේ වාහන වල ටයර් වල හුලං යවන විදිහේ ඉතාමත් පහත්, පහත් ක්‍රියාවලි කරලා තියනවා," යි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් ප්‍රකාශ කළේය.
 
එය දෙමළ හෝ මුස්ලිම් ජනයාගේ විරෝධත්වයක් නොවන බව සදහන් කළ මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් හා කියා තිබුනේ මෙවැනි ක්‍රියා සිදු කළේ කවුරුන්ද යන්න දන්නා බවයි.
 
 එහෙත් ඔවුන් කවුරුන්දැයි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර නැත.
 
 කුමන බාධා පැමිණියත් පොතුවිල් වලින් ආරම්භ කළ පාද යාත්‍රාව පොලිකන්ඩි දක්වා ගමන් කරන බව මන්ත්‍රීවරයා එහිදී  අවධාරණය කළේය.
 
 අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 බදාදා දියත් කරන ලද සාම පාද යාත්‍රාව සිව් දිනකට පසු යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම වීමට නියමිතව ඇත්තේ ජනවාරි 6 දා ය.
 
 
 
එක රටක නීති
 
 
මේ වනවිට නැගෙනහිර පළාතේ පොතුවිල්, කොක්කඩිචෝලේ සහ මඩකලපුව උසාවි වලට අමතරව උතුරේ මන්නාරම හා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ වලින්ද දෙමළ විරෝධතා වලට එරෙහිව නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
 
 කෙසේ වෙතත්, යාපනය සහ මල්ලාක්කම් මහේස්ත්‍රාත් වරුන් පොලිසිය ඉල්ලූ තහංචි නියෝගය ලබා දී නැත.
 
 
 
 
දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම හා පාස්කු ප්‍රහාරයෙන් පසු “බොරුවට අත්අඩංගුවට ගෙන සිටින” තරුණ තරුණියන් නිදහස් කරන ලෙස බල කිරීමත් විරෝධයේ අරමුණු බව දෙමළ ජාතික සන්ධානය  අවධාරණය කර තිබුනි.
 
 අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්, කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගම් නායිකාවන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, මුස්ලිම් ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව සාමාන්‍ය වැසියෝද දහස් ගණනින් විරෝධතාවයට එක්ව සිටිති.
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
##############
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම

නිදහසට 73යි - ලංකාවට මියන්මාරයෙන් පාඩමක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්