තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුව කොළඹ අභියාචනාධිකරණය ඉදිරිපිට අද 29 වැනිදා  නිහඬ උද්ඝෝෂණයක නිරතවිය.
 
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නීතිපති වරයා ලෙස පත් කළ සංජය රාජරත්නම්ට එරෙහිව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය පැවැත්වෙද්දී, නීතිපතිවරයාගේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන් ගොනුකර තිබු  රිට් පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 01 වෙනිදා ප්‍රකාශයට පත්කරන බවට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  නියම කළේය.
 
''සංජය රාජරත්නම් නීතිපතිවරයා ලෙස පත් කරලා මාස තුනකට පස්සේ කරන්නාගොඩගේ චෝදනා ඉල්ලා අස්කර ගන්නවා, එතකොට හිටපු නිතිපතිලා ගොනු කරපු අධි චෝදනා වැරදිද, ඇයි එහෙනම් අගවිනිසුරුතුමා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කළේ? හිතපු හිතපු වෙලාවට චෝදනා ඉල්ලා අස්කරගන්න මේ රටේ නීතියෙන් අපිට වැඩක් නෑ. මොකද මේක ජිවිත 11 කගේ අවුරුදු 13 ක නඩුවක්, සංජය රාජරත්නම් උඹ ගැන අපිට විශ්වාසයක් නැහැ, උඹ අපිට ද්‍රෝහිකම් කරනවා,'' යැයි අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු කෝපයෙන් යුතුව පැවසීය.
 
 
 
අතුරුදහන් කළවුන් 11 දෙනාගේ ඥාතීන් වෙනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ජෙනිෆර් වීරසිංහ චෝදනා කළේ, පීඩිතයෝ වෙනුවෙන් පෙනීසිටිය යුතු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් චූදිතයන් වෙනුවෙන් පෙනීසිටින බවටය. 
''ගෞරවයට ලක්විය යුතු නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරින් විසින් එය අගෞරවයට පත්කරලා, නීතිපති දෙපාර්තමේන්තුවේ අය උගත් වුනාට ඒ ගොල්ලන්ට කොන්දක් නැහැ,'' යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
''මේ එකොලොස් දෙනා පැහැරගෙන ගිහින් අතුරු දහන් කිරීම ගැන නඩුවේ විත්තිකරු වසන්ත කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කරගන්න නීතිපතිතුමා ගත්තු තීරණයට වාරණ නියෝගයක් නිකුත් කරන්න කියලත්, මේ නඩුවේ අධි චෝදනා වලින් හා විත්තිකරුවෙක් ලෙස නම් කිරීමෙන්  නිදහස් කරන ලෙස  කරන්නාගොඩ කර ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, සෙසු විත්තිකරුවන් ද සමගින් කිසිදු බාධා කිරීමකින් තොරව යුක්තියක් ඉටුවන තෙක්  නඩුව ඉදිරියට  ගෙන යන්න කියලා අපි මේ රීට් පෙත්සමෙන් ඉල්ලා සිටිනවා,'' යැයි අතුරුදහන් කළවුන්ගේ ඥාතින්වෙනුවෙන් රිට් පෙත්සම ගොනු කළ ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභික අචලා සෙනෙවිරත්න සඳහන් කළාය.
 
 
 
 
Dehiwala Navy
 
 
යුද්ධය උත්සන්නව පැවති  2008-2009 වසර වල කොළඹ පදිංචි  පිරිමින්  11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම ට එරෙහිව චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව  අධි චෝදනා ගොනු කරමින් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කුමාර ජයදේව  කරන්නාගොඩට එරෙහිව පවරා තිබෙන අදාළ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින්  කොළඹ  මහාධිකරණයට හා අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණි.
 
 කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රාජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්,මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජේගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ. 
 
අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවය.
 
 
 
Gunside Trinko
 
නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය පූකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක  කොමදෝරු  දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක,  විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ,  තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී,  මාස්ටර් ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ, 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පැවරෑ මෙම නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩයි.
 
මෙහි තවත් චුදිතයකු වන රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක නාවික හමුදාවේ කිසිදු පරීක්ෂණයකින් තොරව සියලු ගෞරව සම්මාන සහිතව විශ්‍රාම ගොස් තිබේ. 1987 සේවයට බැඳුනු හිටපු නාවික හමුදා ප්‍රකාශක දසනායක විශ්‍රාම ගැනීම වෙනුවෙන් සම්මාන ආචාර මුරයක්ද පැවැත්වුණු බව නාවික හමුදාව නිවේදනය කර ඇත.
 
 
 
 
සබැඳි පුවත් :
THE LEADER TV 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 

 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්