ඇමරිකානු OpenAI සමාගමට අයත් ChatGPT AI මෙවලම ඔස්සේ සිදුකෙරෙන මිනිස් දත්ත සොරකම සහ සංකල්ප සොරකම ගැන ලෝකයේ විටින් විට උණුසුම් කතාබහට ලක්වෙනවා.
යුද්ධයෙන් අසාර්ථක වෙන තැන කෘතීම බුද්ධියෙන් ලෝකයේ පාලනය සියතට ගැනීමට ඇමරිකානු දේශපාලන නඩය ගසමින් සිටින මංකොල්ලකාරී සැලසුම පිළිබඳව එයින් සංවාදයක් ගොඩ නැගෙමින් තිබෙනවා. බැලු බැල්මට නිර්මාණශීලි යමක් වගේ පෙනෙන බොහෝ දේවල්වල සැඟවුණු න්‍යාය පත්‍රය ලෝකයේ බලය සියතට ගැනීමේ ලෝක බලවතාගේ බල තණ්හාව බවට දේශපාලන, සමාජ මෙන්ම කලා විචාරකයින් පවා මත පළ කරනවා.
මේ ඔස්සේ වාර්තා වෙන විදිහට මේ ලෝක බලවතාගේ ආධිපත්‍ය පතුරුවා හැරීමේ නිර්මාණ මංකොල්ලයට ලක්වුණු අලුත්ම ආයතනය තමයි ජපානයේ Studio Ghibli හෙවත් ගිබ්ලි චිත්‍රාගාරය. එතෙක් ගිබ්ලි චිත්‍රාගාරය කියන්නේ ලෝකයටම එකයි ආකාරයේ වස්තුවක්. ඒ ගැන අන්තරජාලය විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි.

ස්ටුඩියෝ ගිබ්ලි යනු ලොව වඩාත්ම ප්‍රශංසනීය හා බලගතුම සජීවිකරණ චිත්‍රාගාරවලින් එකක් වන අතර, පසුගිය වසර 30 තුළ ආදරණීය කතා සහ විශ්මයජනක දර්ශන ඔස්සේ එය ප්‍රේක්ෂකයින් එකසේ ප්‍රබෝධමත් කරනු ලැබිණි. 1985 වසරේදී දී සජීවිකරණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ඉසාඕ ටකහාටා සහ හයාඕ මියාසාකි විසින් ආරම්භ කරන ලද ස්ටුඩියෝ ගිබ්ලි ලෝකයේම ආදරය දිනාගත් ගිබ්ලි සිනමාපට විස්සකට අධික සංක්‍යාවක් නිෂ්පාදනය කර ඇත.
දුර දැක්මක් තිබු සජීවිකරණ අධ්‍යක්ෂවරුන් වන හයාඕ මියාසාකි, ඉසාඕ ටකහාටා සහ නිෂ්පාදක ටොෂියෝ සුසුකිගේ දක්ෂතාව යටතේ, නිර්මාණය වුණු මෙම චිත්‍රාගාරයේ චිත්‍රපට අතුරින් My Neighbor Totoro" Kiki’s Delivery Service සහ Ponyo වැනි සජීවිකරණ සිනමාපට සම්භාව්‍ය මෙන්ම සුවිශේෂීම ගිබ්ලි සිනමාපට ලෙස ප්‍රසිද්ධය.
හයාඕ මියාසාකිSpirited Away සහ The Boy and the Heron වෙනුවෙන් හොඳම සජීවිකරණ විශේෂාංගය සඳහා ඇකඩමි සම්මානයක් මෙන්ම Howl’s Moving Castle" The Wind Rises" The Tale of The Princess Kaguya" When Marnie Was There සහ The Red Turtle සඳහා ඔස්කාර් නාමයෝජනා පහක් ඇතුළුව බොහෝ ජාත්‍යන්තර සම්මාන ගණනාවක් Studio Ghibli විසින් දිනාගෙන තිබේ. 2014 වසරේදී දී චලන පින්තූර කලා හා විද්‍යා ඇකඩමියේ සම්මාන උළෙලේදී (Academy of Motion Picture Arts and Sciences’ Governors Awards) අධ්‍යක්ෂ සහ චිත්‍රාගාර සම-නිර්මාතෘ හයාඕ මියාසාකිට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමන ලදි.”
ගිබ්ලි animations මේ තරම් විශේෂ වෙන්නේ ඇයි ?
හේතුව මේවා සියල්ල දියසායම් භාවිතයෙන් අතින් ඇඳීම. ඔන්න ChatGPT ම කියන විදිහට එක ගිබ්ලි සිනමාපටයක එක රූපරාමුවක් අඳින්න පැය 1-3ත් අතර කාලයක් ගතවෙනවා. එහි සංකීර්ණ බව අනුව ඊට ගතවෙන පැය ගණන වැඩිවෙන්නත් පුළුවන්ලු. මිනිත්තු 90 ක් දිවෙන ගිබ්ලි සිනමාපටයක් සඳහා මේ වගේ අතින් අඳින රූප රාමු 64,800ක් අවශ්‍යයයි ලු. ඒ කියන්නේ ගිබ්ලි සිනමාපටයක සිතුවම් නිර්මාණය විතරක් සම්පුර්ණ කරන්න ගතවෙන මිනිස් පැය ගණන 97,200 ක්. මෙවැනි එක සිනමාපටයක සිතුවම් නිර්මාණය සඳහා ගිබ්ලි සිත්තරුන් 100 ක් පමණ එක්ව වැඩ කරන අතර ඒ සඳහා ඔවුන්ට වසර 2-3 ත් අතර කාලයක් ගත වෙත බවත් කියනවා.

ඔය අතරේ එහි ප්‍රධානම නිර්මාණවේදියා වන මියසාකි විසින් ලෝකයට දායාද කළ මේ අතිවිශිෂ්ඨ කලාව, පරීක්ෂණ නිරීක්ෂණ රැසකින් පස්සේ කෘතීම බුද්ධියක් විසින් සොරාගෙන, පරිශීලකයා සිය ඩිජිටල් ෆොටෝවක් අප්ලෝඩ් කර එය ගිබ්ලි බවට පත් කර දෙන්නයි ඉල්ලීමක් කර තප්පර ගණනක් ඇතුළත පරිශීලකයා ඉල්ලන ගිබ්ලි රූපය හෝ සිතුවම නිමවා දෙනවා. එක්තරා විදිහකින් මේක පුදුමාකාර තාක්ෂණයක්, අනෙක් අතින් මේකම සංකල්ප හොරකමක්.
හැබැයි මෙම සටහනේ රචකයා වන මමත් ඇතුළුව ලෝකය ගිබ්ලි වල මියසාකි ව්‍යායාමය ගැන හරියටම දැනගන්නේ මෙන්න මේ ChatGPT ගිබ්ලි creation හරහා ලෝකය පුරා ඇතිවුණු උණුසුම් කතාබහත් එක්කයි.
ඉතිං මේ වෙච්ච දේ මියාසාකි ට කොහොම දැනෙනවා ඇතිද?
ඔහු මේ පිලිබඳ සිය අප්‍රසාදය පළ කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ”මේක මුළු ජිවිතයටම කල අපහාසයක්” ඔහු කියනවා. කොහොමවුණත් ඔහු ඇතුළු Studio Ghibli මේ සම්බන්ධයෙන් ගන්නට යන නීතිමය පියවර මොකක්ද යන්න නම් තවම නිසි ලෙස අනාවරණය වෙලා නැහැ. නමුත් ලෝකය පුරා ගිබ්ලි රසවතුන් මීට එරෙහිව සිය මතය ප්‍රකාශ කරමින් විරෝධය පාමින් ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඒවගේම නිර්මාණකරුගේ මේ කළකිරීමත් සමඟ ගිබ්ලි සිනමා නිර්මාණ ලෝකයට අහිමි වෙයිද කියලත් අවිනිශ්චිතයක් පැන නැගිලා තියෙනවා. ඒත් ඉතින් ලෝකය අල්ලන්න ඕන තුරුම්පුවක් ගහන, කලාව වුනත් පරදුවට තියෙන ලෝක බලවතුන්ගේ දේශපාලනයේ තත්වය ඔන්න ඕකයි.

පහළ තියෙන්නේ එතෙක් මෙතෙක් Studio Ghibli නිර්මාණය කරපු IMDb ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්න ගිබ්ලි සිනමාපට කිහිපයක්. හැඟීම් නිරූපණයේ තාත්වික බව මුසු කරමින් මියසාකි මේවා නිමවලා තියෙන විදිහට ඒවා අනුකරණය කරන්නනම් කෘතීම බුද්ධියකට තවත් කාලයක් ගත වේවි.

'Grave of the Fireflies' (1988) IMDb Rating: 8.5/10

'Princess Mononoke' (1997) IMDb Rating: 8.3/10

'Howl's Moving Castle' (2004) IMDb Rating: 8.2/10

'My Neighbor Totoro' (1988) IMDb Rating: 8.1/10

'Nausicaä of the Valley of the Wind' (1984) IMDb Rating: 8.0/10

'Castle in the Sky' (1986) IMDb Rating: 8.0/10

'The Tale of Princess Kaguya' (2013) IMDb Rating: 8.0/10

'Kiki's Delivery Service' (1989) IMDb Rating: 7.8/10

'Whisper of the Heart' (1995) IMDb Rating: 7.8/10

'The Boy and the Heron' (2023) IMDb Rating: 7.7/10

'Porco Rosso' (1992) - IMDb Rating: 7.7/10

'Ponyo' (2008) IMDb Rating: 7.6/10

සටහන : Yesha Fernando