leader s

අපි හැමෝම උමතුයි ටිකක් විතර
අපි පිළි ගන්න කැමති නෑ


අපි ආදරේදි උමතු වෙන්න ඕන
අපි sex වලදි උමතු වෙන්න ඕන
අපි කන්න බොන්න උමතු වෙන්න ඕන
අපි අපිට කැමති දේට උමතු වෙන්න ඕන

මට හිතෙන්නේ චින්තා උමතු චිත්‍රපටි හදන්න
project එකකට චිත්‍රපටියක් හදන්න හම්බ වුවත් චින්තා යම් තාක් දුරට චින්තනමය හාදුව චිත්‍රපටියට දිලා තිබුණා

ලිංගික ශ්‍රමිකයන්ට අදාල නිතිය නිතිගත කරන්න කිව්වම ලංකාවේ සමාජය හිතන්නෙම මිනිස්සු ඔවුන් ගාවට යන එක වැඩි වෙනවා කියලා

නෑ නෑ නෑ

ඒ කියන්නේ,

*  ලිංගික ශ්‍රමිකයන්ගේ වෘත්තිය නියාමනය වෙනවා

* ඔවුන්ට වෛද්‍ය පරික්ෂණ අනිවාර්ය කරනවා

* සෞඛ්‍යයට ප්‍රවේශය හදලා දෙනවා

* ආරක්ෂණ ක්‍රමවේද අනිවාර්යය කරනවා

* ගෙවීම් ගැන වුනත් නියාමනය කරනවා  

* මේ දේවල් කරන්නේ නැති තැන් වලට දඩුවම්‍ පමුණුනනවා


ඉඳහිටන දවසක කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ගිහින් බලන්න

මේ වගේ තැන් වටලලා නා නා ප්‍රකාර ලිංගික ශ්‍රමිකයන් අධිකරණයට ඉදිරිපත් කරනවා

අයාලේ ගියා කියලා

මම ගොඩාක් වෙලාවට ඔවුන්ගේ ඇස් ඇතුලේ ඔවුන්ගේ කතා කියවගන්න උත්සහ කරනවා

ඔවුන්ගේ ඇස් හම්බ වුනාම හිනා වෙනවා

මේ කූඩුවට නැගිල්ලත් යාන්ත්‍රික වෙලා

ගොඩාක් අයගේ ඇස් ඇතුලේම මම හිතන්නේ කඳුළු එක්ක කතාවත් වියැකිලා

මට හම්බ වෙලා තියෙන්නෙම වේලිච්ච ඇස්

චිත්‍රපටිය එන්න නියමිත හින්දා මම චිත්‍රපටිය ගැන වැඩිය කියන්නේ නෑ

ගොඩාක් අයගේ දුක නිවන අක්කලා නංගිලටත් සැනහෙන්න උරහිසක් ඕන

ආදරයත් ඕන
ඒ moment එකට ඕනෑම ගෑනියෙක් පිරිමියෙක් ආසයි

ඉන්දුට සල්ලි ලැබුණාම චුටි flat එක වෙනස් වෙන විදිය

ලේඩි ගගා රැවුල එක්කම ලේඩි ගාගා වෙච්ච හැටි

එක්කම පබෝදාගේ ජෙනට් ගේ අකලංක ගේ රඟපෑම්

ශ්‍යාම් ප්‍රනාන්දු වෙනම ආකාරයක චරිතයක් කරනවා
ඒ වගේ දුෂ්ට චරිතත් ශ්‍යාම්ට කරන්න පුලුවන්
සියුම් තැන් එමටයි

චින්තා කොහේට හරි දම් පාටත් රිංගවයි කියලා මම බලන් හිටියා
සින්දුවක තියෙනවා දම් පාට ආදරයක් ගැන
ආදරය දම් පාට වෙනවට මාත් කැමතියි  !!!

චින්තාට ජය ! තව තව චිත්‍රපටි කරන්න ලැබේවා !!!

(සටහන | ලක්ෂී )
උපුටා ගැනීම - Lakshika Rathnayake ෆේස්බුක් පිටුවෙන්

 

සබැඳි ලිපි :

'අභිසාරි' වටලන්න වසන්තගෙන් නියෝග


 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්