leader s

විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය පැවතුණ ද උත්සවය කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බවත්, සාහිත්‍යලෝලී ඕනෑම අයෙකුට විවෘත බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් පවසයි.



ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රී සුමංගල සභාසදයේදී හෙට (09) පස්වරු 2.30 ට උළෙල ඇරඹේ; පිවිසීම සහ රථගාල් පහසුකම් පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න.


දේශපාලන හා සාමාජික විචාරකයකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියගේ නවතම කාව්‍ය එකතුව වන ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උළෙල හෙට (සැප්තැම්බර් 09 වැනි බදාදා) පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභා සදයේදී (ශ්‍රී සුමංගල ශාලාව) පැවැත්වේ.

මතු දැක්වෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය අද පස්වරුවේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනකි.

"ඒ හඳ මෙතැන" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය සම්බන්ධයෙන් බොහෝ අය විසින් අසන ප්‍රශ්නවලට පිළිතුරු. (උත්සවය තියෙන්නේ සැප්තැම්බර් 09 බදාදා පස්වරු 2.30 ට).

Fඕනෑම අයෙකුට විවෘතයි: විශේෂ ආරාධිතයන් එනතුරුත් බලා සිටිනවා!

පොත එළිදැක්වීමේ උත්සවය හැමෝටම විවෘත එකක්. ඒ අනුව ඕන කෙනෙක්ට එන්න පුළුවන්.  ඇත්තටම ගොඩක් කට්ටිය එනවනම් අපි ගොඩක් කැමතියි. යම් පිරිසකට මම විශේෂයෙන් ආරාධනා කළා. ඒ අය එනවද කියන එක, නම් පොතත් ළඟ තියාගෙන මම විශේෂයෙන් බලාගෙන ඉන්නේ.

 නෑ නෑ එහෙම කරන්නේ නැහැ, ඒ උනාට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනිත් එන හැම දෙනාවත් ආදරයෙන් පිළිගන්නවා.


Fඋත්සව ශාලාව පිහිටි තැන සහ එතැනට යන පහසු මඟ

උත්සවය  පැවැත්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල ගොඩනැගිල්ලේ "ශ්‍රී සුමංගල සභාසදය" කියන ශාලාවේ. කෙටියෙන් "සුමංගලේ" කියලා කියන මේ ගොඩනැගිල්ල තියෙන්නෙ විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් ඇතුළු වුණ ගමන්ම වගේ දකුණු අත පැත්තේ, ඒක ඉස්සරහ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ පිළිමය තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ "සුමංගල මන්දිරය" කියල නම ගහලා තියෙනවා. (ඒ ගොඩනැගිල්ලේ ෆොටෝ එකක් මම කමෙන්ට් එකක දමන්නම්).

ඒ ගොඩනැගිල්ලේ පළමු මහලේ තමයි ශ්‍රී "සුමංගල සභාසදය" කියන ශාලාව තියෙන්නේ.  ඒ කියන්නේ ඔබ ඒ ශාලාවට පිවිසෙන්නේ බිම් මහලට, එතන ඉඳන් එක මහලක් උඩට ගියාම තමයි "සුමංගල සභාසදය" තියෙන්නේ. ඒ හරියේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය සහ මේ උත්සවයට අදාළ අය හෙට ඉන්නවා, එයාලගෙන් පාර අහගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් පාර අහන්න දෙයක් නෑ, තැන හොයාගන්න හරිම ලේසියි.


Fරථවාහන නැවැත්වීම සහ විශ්වවිද්‍යාල පිවිසුම් අවසරය

විශ්වවිද්‍යාලය ඇතුලේ හෝ විශ්වවිද්‍යාලයෙන් එළියේ, ඒ කියන්නේ සෝරත මාවත දෙපස වාහන පාක් කරන්න පුළුවන්. හෙට ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙන නිසා බොහෝ විට විශ්වවිද්‍යාලය ඇතුලේම ප්‍රමාණවත් තරම් ඉඩ තියෙන්න පුළුවන්. ඒ අනුව මාර්ග අවහිරතා ඇති නොවන පරිදි තමන්ගේ වාහනය පාක් කරගන්න.

හෙට මේ උත්සවය පැවැත්වෙන බව ආරක්ෂක අංශ වලට දැනුම් දීලා තියෙන නිසාත්, බාහිර අය කෙන්වා ගැනීම සඳහා නිසි අවසරය ලබාගෙන තියෙන නිසාත් ඔබලාට කිසිදු අපහසුවකින් තොරව විශ්වවිද්‍යාලය තුළට පැමිණිය හැකියි.


F ආචාර්ය වැඩ වර්ජනය උත්සවයට බාධාවක් නොවන්නේ ඇයි?

වැඩ වර්ජනය තිබුනට උත්සවය පැවැත්වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් හෙට ඒ කියන්නේ නව වන බදාදා ක්‍රියාත්මක කරන වර්ජනය අදාළ වෙන්නේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විතරයි. ඒ අනුව හෙට ආචාර්යවරු අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ නැහැ. නමුත් මේ උත්සවය නිල අධ්‍යයන කටයුත්තක් නෙවෙයි. ඒ අනුව මේ උත්සවය පැවැත්වීමට කිසිම ප්‍රශ්නයක් නැති නිසා මේ උත්සවය පැවැත්වෙනවා. මේ කාරණය විශේෂයෙන් කියන්නේ අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට. කලින් සැලසුම් කරගත් පරිදිම හෙට උත්සවය පැවැත්වෙනවා ඔබලා ඊට සහභාගී වෙන්න.

සබැඳි ලිපි :

අනුරුද්ධ ප්‍රදීප්ගේ ‘ඒ හඳ මෙතැන’ කාව්‍ය සංග්‍රහය 09 දා ජපුරේදී එළිදකියි
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්