leader s

ඉන්දියාවේ අදානි සමාගමේ ආරක්ෂක ඒකකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඇරඹේ.


මිසයිල නිෂ්පාදනයට යොදා ගැනෙන කොටස් ආනයනයේදී සිදු කර ඇතැයි පැවසෙන තීරු බදු වංචාවක් සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් එම විමර්ශන ආරම්භ කර තිබේ.  

සමාගම විසින් මිසයිල කොටස් ආනයනයේ දී, ඊට අදාළ ආනයන බදු, කූට ලෙස පැහැර හැර ඇතැයි, රජය චෝදනා කරයි. අදානි සමූහයට එරෙහි නවතම චෝදනාව මෙය වේ.

1676555112 2518

අදානි ආරක්ෂක පද්ධති සහ තාක්ෂණ සමාගම (Adani Defence Systems and Technologies) යනු, ගල් අඟුරු කර්මාන්තයේ සිට ගුවන් තොටුපොළ තෙක් සුවිසල් පරාසයක විසිරි ව්‍යාපාර ජාලයක් වන, බිලියනපති, ගෞතම් අදානිට අයත් අදානි සමූහය සතු ක්ෂුද්‍ර ව්‍යාපාර ඒකකයකි.

ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය මිසයිල, ඩ්‍රෝන යානා සහ කුඩා ගිනි අවි වැනි උපකරණ එම ඒකකය මගින්  නිෂ්පාදනය කෙරේ.  

ඉන්දීය, ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය, අදානි ආරක්ෂක පද්ධති සහ තාක්ෂණ සමාගමට අයත් විමර්ශන ආරම්භ කළේ ඉකුත් මාර්තු මස දීය.

 

adani24
මිසයිල කොටස් ආනයනයේදී සිදු කරන ලද ඇමෙරිකානු  ඩොලර් මිලියන 09කට අධික තීරු බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් එම විමර්ශන ක්‍රියාත්මකය. ආනයනිත මිසයිල කොටස්, රේගු සහ අනෙකුත් තීරු බදුවලින් නිදහස් කර ඇතැයි පවසා, සමාගම විසින් එම භාණ්ඩ ආනයනය කර තිබේ.

විමර්ශන නිලධාරීන් විසින් මේ පිලිබඳ විමසීම් සිදු කර ඇති බවත්, නිර්දෝෂිභාවය පිණිස, ඒ සම්බන්ධයෙන් තමන් සතු අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට දැනටමත් කටයුතු කර බවත් අදානි සමගම පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/7/2025

මුලාශ්‍රය :

Exclusive: India probes Adani Defence for tax evasion on missile parts imports, sources say

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්