එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC), ඊයේ (09) ඉරානයේ ඛනිජ තෙල් සහ ඛනිජ රසායන අපනයනයන්ට එරෙහි පියවර, ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය.
ඒ අනුව, ඉරාන තෙල් සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) විකිණීම සහ ඉරානයෙන් නැව්ගත කිරීම සඳහා පහසුකම් සපයන පුද්ගලයින්, ආයතන සහ නෞකා 50 කට අධික සංඛ්‍යාවකට සම්බාධක පනවා තිබේ. එම ක්‍රියාකාරීන් ඇතුළු ආයතන, සාමූහිකව ඩොලර් බිලියන ගණනක ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මඟින් ඉරාන පාලන තන්ත්‍රයට දැවැන්ත ආදායම් සහ ප්‍රතිලාභ එක් කරමින් ඒ ඔස්සේ, එක්සත් ජනපදයට තර්ජන එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය ලබා දෙන බව එක්සසත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක ඉරාන ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහරින ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) ප්‍රවාහන ජාලයක්, ඉන්ධන ප්‍රවාහන නෞකා 24කට අධික සෙවනැලි යාත්‍රා මුළුවක්, චීනයේ පිහිටි බොරතෙල් පර්යන්තයක් සහ පුද්ගලික අංශය සතු කුඩා තෙල් පිරිපහදුවක් ඉලක්ක කර එම පියවර ක්‍රියාත්මකය.

ඉරානයේ බලශක්ති අපනයන යාන්ත්‍රණය සම්බාධක මගින් අක්‍රීය කිරීමත් සමග ඉරානය වෙත ගලා යන මූල්‍ය ප්‍රවාහය අඩපණ වන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) පවසයි. ජනපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් නව රජය ගත් එම පියවර, එක්සත් ජනපදයට තර්ජනයක් වන ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සපයන ඉරාන පාලන තන්ත්‍රය වෙත එල්ල වූ මරු පහරක් බව ද ඔහු කියා සිටී.
ඉරාන ඉන්ධන නිෂ්පාදන මිලදී ගන්නා චීන පිරිපහදු මධ්‍යස්ථාන ද ඉලක්ක කර ට්‍රම්ප් රජය මගින් පනවන ලද සම්බාධකවල සිව්වන වටය මෙය වේ. ඉරාන තෙල් අපනයනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඉලක්ක කර ඉකුත් ජුලි සහ අගෝස්තු මාසවල ද එක්සත් ජනපදය සම්බාධක පැනවීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි මාර්කන් වයිට් සමාගම (Markan White Trading Crude Oil Abroad Co. L.L.C) සහ ස්ලෝගල් එනර්ජි (Slogal Energy DMCC) සමාගම, ද ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) විකිණීමේ සහ නැව්ගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශ්වකරුවන් බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමිතා පෙට්‍රොකෙමිකල් සමාගම (Amita Petrochemical Trading L.L.C ) අවම වශයෙන් 2023 සිට, ඉරාන පෙට්‍රො රසායන තැරැව්කරුවකු වන පර්සියන් ගල්ෆ් පෙට්‍රොකෙමිකල් (Persian Gulf Petrochemical Industry Commercial Co - PGPICC) මගින් ඉන්දන නිෂ්පාදන මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත්, අමිතා පෙට්‍රොකෙමිකල් සමාගම විසින්, ඔවුන් වෙනුවෙන් PGPICC සමාගම ඔස්සේ කෙරෙන ඉදිරි ගනුදෙනු පිණිස 2024 දී මාර්කන් වයිට් සමාගම ස්ථාපිත කරගත් බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු
පසුගිය වසර අගභාගයේ ආසියානු රටවල් කිහිපයක් වෙත, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) අපනයනය කිරීමට PGPICC සහ මාර්කන් වයිට් යන සමාගම් විසින් ස්ලෝගල් සමාගමේ සහාය ලබා ගත් බව ද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ අනුව, පසුගිය වසරේ සහ මෙම වසරේ එම රටවල් වෙත අපනයනය කෙරුණේ ස්ලෝගල් සමාගම මගින් මිලදී ගත් ඉන්දන තොග බව එම වෙබ් අඩවිය කියා සිටී.
මෙම වසර මුල බංග්ලාදේශය විසින් ඉරාන එල්.පී.ගෑස් මෙට්‍රික් ටොන් 17,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබේ.
(සටහන | එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/9/2025
මුලාශ්‍ර :
Treasury Dismantles Key Elements of Iran’s Energy Export Machine







