leader s

යුක්‍රේනයේ විදුලි ජනන මධ්‍යස්ථාන ඉලක්ක කර රුසියාව අදත් (10) දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.


යුක්‍රේනයේ කිව් අගනුවරට අද අළුයම එල්ල වූ එම ප්‍රහාරයත් සමග ප්‍රදේශ රැසක විදුලි සහ ජල සැපයුම බිඳවැටුණු අතර, දිනිප්‍රෝ ගංගාව හරහා දිවෙන මෙට්‍රෝ දුම්රිය ද ඇණ හිටිණි.

ශීත සෘතුව ආසන්නයේ එල්ල වූ නවතම රුසියානු ප්‍රහාරයෙන් රට පුරා කලාප 09ක 600,000ක පමණ නිවෙස් එකක වෙත විදුලිය විසන්ධි විය.

අද ප්‍රහාරයෙන් වයස අවුරුදු 7ක දරුවකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි යුක්‍රේන බලධාරීහු පවසති.

රුසියානු-යුක්‍රේන යුද්ධයට සිව් වසරක් ආසන්න වෙමින් පවතී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/10/2025


මුලාශ්‍රය :

Parts of Kyiv plunged into darkness after mass Russian attack

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්