leader s

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික නිෂ්පාදනයන්ට අවශ්‍ය ඛනිජ වර්ග සඳහා චීනය විසින් දැඩි අපනයන පාලනයන් පැනවීම හමුවේ මෙලෙස තීරු බදු පැනවීමට තමා තීරණය කළ බවය.

තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා අත්‍යවශ්‍ය වන ඛනිජ වර්ග 7ක් සඳහා චීනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අපනයන සීමා පනවනු ලැබීය.

මෙම ඛනිජ වර්ග 7ට අමතරව තවත් ඛනිජ වර්ග 5ක් සඳහා අපනයන සීමා දැඩි කරන බවට චිනය පසුගියදා නිවේදනය කළේය.

චීනයේ මෙම තීරණය හමුවේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් මාසයේ සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති තීරු බදුවලට අමතරව තවත් 100% ක අතිරේක තීරු බද්දක් පනවන බව සඳහන් කර තිබේ.

සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර සිටියේ එක්සත් ජනපදයද තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් පනවන බවය.

 

jinpin

චීනයේ මෙම තීරණය තමා කම්පනයට පත් කළ ඉතා නරක තීරණයක් බවත් තවත් සති කිහිපයකදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුවද පැවැත්වීමට දැන් හේතුවක් නොමැති බවද සිය ට්‍රෘත් සමාජ ගිණුමේ ජනපති ට්‍රම්ප් සටහන් කර තිබේ.

නමුත් ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමා මෙම හමුව අවලංගු කර නොමැති අතර ඉදිරියෙදී එය පැවැත්වීමට හැකියාව ඇති බවය.

කෙසේ වුවද බීජිං පරිපාලනය කිසි විටෙකත් මෙම හමුව තහවුරු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(aruna)


මුලාශ්‍ර :


Trump threatens to hit China with 100 percent tariff starting in November

Trump says he’ll impose new 100% tariff on China ‘over and above’ current rates, massively escalating trade war

U.S. stock markets tumble after Trump says he's raising China tariffs to 100%

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්