ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයට අදට (12) තෙදිනක් සම්පූර්ණ වේ.
ගිවිසුම් ප්‍රකාරව දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරුව තව දුරටත් අපේක්ෂාවේ පවතී.
මේ අතර දහස් සංඛ්‍යාත අවතැන් පලස්තීනුවෝ ගාසා නගරය බලා උතුරු දෙසට ගමන් කරමින් සිටිති.
වත්මන් සටන් විරාමය, ගාසා යුද්ධය අවසන් කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු විනාශ වී ගිය සිය ගම් බිම් බලා ලඟා වෙමින් සිටිති. පසු ගිය මාස කිහිපය පුරාවට ගාසා නගරය දැඩි ඊශ්‍රායල ප්‍රහාර වලට නතු වෙමින් පැවතිණ.
හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනකු හෙට (13) උදෑසන නිදහස් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසයි. හමාස් භාරයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බව මීට පෙර වාර්තා විය.
2023 ඔක්තෝබර 07 දා ඊශ්‍රයලේ කිබුට්ස් වෙත එල්ල කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේදී 251 දෙනකු හමාස් ප්‍රාණ ඇපයට පත් විය. ඉන් කිහිප දෙනකු මීට පෙර පැවති කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගත්තේය.
හමාස් භාරයේ සිටියදී මිය ගිය සහ එසේ මියගොස් දැනට හමාස් භාරයෙන් අතුරුදන්ව පවතින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සොයා ගැනීමට විශේෂිත මෙහෙයුමක් දියත් කරන බව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු සම්බන්ධීකාරක ගැල් හර්ෂ් (Gal Hirsch) පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/12/2025
මුලශ්‍රය:
Ceasefire holds in Gaza ahead of hostage release and Trump's visit to Israel







