leader s

අද (13) දිනයේ හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනකු ඊශ්‍රායලය වෙත මුදා හැරීමට අපේක්ෂිතය.


ඉන් ජීවතුන් අතර සිටින 20 දෙනකු සහ තවත් 26 දෙනකුගේ මළ සිරුරු ඊශ්‍රායල හමුදා වෙත භාරදීමට කටයුතු කෙරේ. හමාස් භාරයේ පසු වූ තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදනකු ආගිය අතක් නැතැයි එම සංවිධානය පවසයි.

ඒ හා හුවමාරු කෙරෙන, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 250 දෙනකුගේ නාම ලේඛනයක් ඊශ්‍රායල අධිකරණ අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

48 hostages 640x400

ඔවුන් පුද්ගල  ඝාතන සහ වෙනත් දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා විසින් අත්අඩංගුවට ගත්  පිරිසකි. එහෙත්, එම ලේඛනයට, හමාස් සංවිධානය විසින් උදක්ම ඉල්ලා සිටින එහි ජ්‍යෙෂ්ඨ අණ දෙන  නිලධාරීන් කිහිප දෙනකු සහ ඉහළ පෙළ සාමාජිකයින් වන මර්වාන් බාර්ගුටි (Marwan Barghouti) සහ අහ්මෙද් සාදත් (Ahmed Saadat ) ගේ  නම් ඇතුළත් වන්නේ නැත. 

ඊශ්‍රායලය විසින් දැනට නිකුත් කර ඇති එම අවසන් නාම ලේඛනය පිළිබඳව වැඩි දුර සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව හමාස් සිරකරුවන් පිලිබඳ කාර්යාලය පවසයි. ඊට අමතරව, 2023 ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයේ සිදුකළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු,  ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට  පත් ගාසා වාසීන් 1700ක් ද මුදා හැරීමට කටයුතු යොදා තිබේ.

එක්සත්  ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, අද ඊශ්‍රායලයට  පැමිණේ. ඊශ්‍රායලය, එහිදී ඔහු 'වීරයකු' සේ මහත් හරසරින් පිළිගැනීමට සූදානම් ව සිටී. අනතුරුව, ජනපති ට්‍රම්ප් නෙසෙට් (Knesset ) හෙවත් ඊශ්‍රායල ජාතික පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

"යුද්ධය අවසන්", ඊශ්‍රායලය බලා පියාසර කිරීමට  'එයාර් ෆෝර්ස් වන්' (Air Force One) ගුවන් යානයට පිවිසෙමින් ජනපති ට්‍රම්ප් මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. 'එයාර් ෆෝර්ස් වන්' යනු, එක්සත් ජනපද ජනපතිවරයා ගමන් ගන්නා නිල ගුවන් යානයයි.  

ගාසා සටන් විරාම සාකච්ඡා පැවති  ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් (Sharm el-Sheikh) නිකේතනයේ අද, ලෝකනායකයින් 20 දෙනකුට අධික පිරිසක් සහභාගී වන විශේෂ සමුළුවක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ජනපති ට්‍රම්ප් එහි මුලසුන හොබවයි.

පලස්තීන ජනපති මහ්මුද් අබ්බාස් (Mahmoud Abbas) ද එක්වීමට නියමිත එම සමුළුවට ඊශ්‍රායල පාර්ශ්වයෙන් කිසිදු නිලධාරියකු සහභාගී නොවන බව තතු දත් විදෙස් ආරංචි මාර්ග පවසයි.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/13/2025

මුලාශ්‍රය :

Trump to be lauded in Israel as long-held hostages return home


whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්