leader s

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඊයේ සංවාදයක් හෝ දුරකතන ඇමතුමක් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.

"නායකයින් දෙදෙනා අතර ඊයේ කිසිඳු සංවාදයක් ගැන මම දැනුවත් නැත" විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ඉන්දීය රජයේ අඛණ්ඩ ප්‍රමුඛතාව අස්ථාවර බලශක්ති තත්ත්වයන් තුළ තම පාරිභෝගික ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාව ආරක්ෂා කිරීම බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සිය ඉන්ධන ආනයන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එම අවශ්‍යතාව අරමුණු කරගනිමින් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නතර කිරීමට පියවර ගන්නා බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමා වෙත සහතික වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

රට තුළ ස්ථාවර මිල ගණන් හා සුරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික කිරීම සිය රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන බව සඳහන් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අමෙරිකානු වත්මන් පරිපාලනය ඉන්දියාව සමග බලශක්ති සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් වන බව, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රුසියාව සඳහන් කර තිබුණි.

මුලාශ්‍රය :

'No call between them': India rejects Trump's claim of speaking to PM Modi about purchase of Russian oil

සබැඳි පුවත්  :

'මින් මතු ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ නෑ' - ජනපති ට්‍රම්ප්

Trump says Modi has agreed to stop buying Russian oi

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්