leader s

මැඩගස්කරයේ නව හමුදා පාලක, කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරීනා (Michael Randrianirina), අද (17) එරට ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.


ඉකුත් මස හටගත් තරුණ අරගලයක් හමුවේ හිටපු ජනපති, ඇන්ඩ්‍රි රජෝලීනා රටින් පලායමත් සමග අප්‍රිකානු සංගමය මැඩගස්කරය, වහා ක්‍රියාත්මක වන පරිදි එම සාමාජිකත්වයෙන් ඉවත් කළේය.

 

sdfse

සිවිල් පාලනය ස්ථාපිත කර, ඉදිරි මැතිවරණයකට යන ලෙස, එම සංවිධානය විසින් මැඩගස්කරයට දන්වා තිබේ.  

අද ජනපති ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව එම සංගමය සමග යළි සාකච්ඡා අරඹන බව රැන්ඩ්‍රියානිරීනා පවසයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයින් 55 දෙනකුගේ සාමාජිකත්වයෙන් යුත් අප්‍රිකානු සංගමය විසින් මැඩගස්කරයේ නව හමුදා නායකත්වය ප්‍රතික්ෂේප කරනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දැනට පලාගොස් සැඟව සිටින හිටපු ජනපති, රජෝලීනා, රජය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළා දකින බව කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres ) ද මැඩගස්කරයේ අඥාතික රාජ්‍ය පැහැරගැනීම, දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.  

mfutuy6t67u

 

එරට ඉහළ ව්‍යවස්ථාදායක අධිකරණය මගින් නව ජනපති දිවුරුම් දීමේ උළෙල සංවිධානය කෙරිණි.

අද, ජනපති ධුරයේ දිවුරුම් දුන් හමුදා නායක කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරීනා, හිටපු ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා, 2009 වසරේ කුමන්ත්‍රණයකින් බලයට පත් කිරීමට සහාය දැක්වූ, මැඩගස්කර හමුදාවේ කැප්සැට් (CAPSAT) ඒකකයේ එවක අණ දෙන නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Army colonel plans to lead Madagascar after coup ousts civilian president

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්