මධ්‍යස්ථ මතධාරී, රොද්‍රිගෝ පෑස් (Centrist Rodrigo Paz) ඊයේ (19) පැවති බොලිවියාවේ ජනපතිවරණය ජය ගත්තේය. ඒ, සිය ප්‍රතිවාදියා වූ කොන්සර්වර්ටිව් පාක්ෂික, ජෝර්ජ් කීරොගා (Jorge "Tuto" Quiroga) පරාජය කරමිනි.
එම ජයග්‍රහණයත් සමග ඉකුත් දශක දෙකක කාලයක් තිස්සේ රට දරුණු ආර්ථික අගාධයකට ගෙන ගිය එරට, වාමාංශික පාලන තන්ත්‍රය බිඳ වැටී තිබේ.
ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂ සෙනෙට් සභිකයකු වන 58 හැවිරිදි පෑස්, 54.5% ක ප්‍රතිශතයකින් ජනපතිවරණ ජය තහවුරු කළේය. කීරොගාට ලබා ගත හැකි වුයේ 45.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත්, පෑස් ගේ නායකත්වයෙන් යුත් පක්ෂයට පාර්ලිමේන්තු බහුතර බලයක් නොමැති වීමෙන්, බොලිවියාවේ මීළඟ රජය, සන්ධාන රජයක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති.
නොවැම්බර 08 වන දා, රොද්‍රිගෝ පෑස්, බොලිවියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
බොලිවියාව දැන්වත්, ලෝකයට විවෘත කළ යුතු බව, ජනපතිවරණ ජය තහවුරු කරගැනීමෙන් අනතුරුව සිදු කළ කථාවේ දී ඔහු සඳහන් කළේය. සමාජ වැඩසටහන් මධ්‍යයේ, පුද්ගලික අංශයේ දායකත්වයෙන් සමාජ - ආර්ථික සංවර්ධනය කරා බොලිවියාව රැගෙන යාම නව ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/20/2025
Centrist Rodrigo Paz wins Bolivian presidency, ending nearly 20 years of leftist rule







