ගාසා තීරයේ රෆා (Rafah) හි රැඳී සිටින ඊශ්‍රායල හමුදා එල්ල කර ඊයේ (19) සිදු කළ වෙඩි තැබීමකින්, හමුදා සෙබළු දෙදෙනෙක්
ජීවිතක්ෂයට පත් වූහ.
ඒ සමග, ඊශ්‍රායල හමුදා එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් හමුවේ පලස්තීනුවන් 26 දෙනකු මරණයට පත්ව ඇතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ගාසා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වාර්තා වන පළමු බරපතලම සිද්ධිය මෙය වේ.
එම ප්‍රහාරයෙන් අනතුරුව සටන් විරාමය යළි ක්‍රියාත්මක බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
මේ අතර, සිය 'තැරව්කාරත්වයෙන්' ඇරඹි ගාසා සටන් විරාමය තව දුරටත් බලාත්මක බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හමාස් මුල් පෙළ නායකයින්ගෙන් එම භීෂණ ක්‍රියා සඳහා අනුබල ලැබී නැති බවට විශ්වාස කරන බව, ජනපති ට්‍රම්ප් පැවසීය.
"අපි හිතමු හමාස් නායකයින් ඒ සිද්ධියට සම්බන්ධ නෑ කියල. ඒත්, ඒක මොකක් වුණත්, එහෙම වුණත්, නොවුණත්, ඉතා තදින්, හැබැයි, නිසි පරිදි, කට්ටිය ඒ ගැන බලා ගනීවි," සිය 'එයාර් ෆෝර්ස් වන්' නිල ගුවන් යානය තුළ සිට ඔහු එසේ පැවසීය.

හමුදා භාටයින් දෙදෙනා ඝාතනයෙන් අනතුරුව, ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාර පිලිබඳ සාධාරණ තක්සේරුවක් ඉදිරියේදී සිදු කර, පසුව, ඒ පිලිබඳ දන්වන බව ද, ජනපති, ට්‍රම්ප් විසින් එහිදී පවසා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
ගැටුමින් පසු ඇණහිට තිබූ ගාසා මානුෂීය ආධාර බෙදා හැරීමේ කටයුතු එක්සත් ජනපදයේ දැඩි බලපෑම හමුවේ, අද (20) යළි ආරම්භ කෙරිණි.
හමාස් ත්‍රස්තයින්, යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කර, අනතුරුව සිය භට පිරිස් වෙත වෙඩි තැබීමෙන්, දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමග, ගාසා තීරය පුරා ස්ථාන ගත කර සිටි හමාස් ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්, වෙඩික්කරුවන්, ඔවුන්ට අයත් උමං පද්ධතියක් සහ ආයුධ ගබඩාවක් ඉලක්ක කර දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ. අවතැන් පලස්තීනුවන් රැඳී සිටි නුසෙරත් (Nuseirat) පාසල් පරිශ්‍රයක් ද, එම එක් ප්‍රහාරයකට ගොදුරු වූ බව ගාසා සෞඛ්‍ය බලධාරීහු කියා සිටියහ.
රෆා ප්‍රදේශයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් කිසිත් නොදානා බව හමාස් සන්නද්ධ අංශය සඳහන් කරයි.
ඉකුත් මාර්තු මස සිට එහි ක්‍රියාත්මක කණ්ඩායම් සමග කිසිදු සන්නිවේදනයක් නැතැයි ඔවුහු කියා සිටිති.
සිය සංවිධානය සටන් විරාමය කෙරෙහි කැපව ක්‍රියා කරන බවද හමාස් පවසයි.
ජනපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත, ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ බෑණනුවන් වන ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner ) අද, ඊශ්‍රායලයේ සංචාරයක නිරත වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/20/2025
මුලාශ්‍රය :
Israel says ceasefire and aid to resume after airstrikes kill 26 in Gaza







