ජපානය අද (21) ඉතිහාසයේ සිය පළමු අග්‍රාමාත්‍යවරිය තෝරා පත් කරගැනීමට සැරසෙයි. එරට වේලාවෙන් ප.ව.1.00ට ඒ වෙනුවෙන් වන පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වේ.
ඒ අනුව, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි මතධාරී කොන්සර්වර්ටිව් පාක්ෂිකා, සනායේ ටකායිචි (Sanae Takaichi ), ජපාන අගමැතිනිය ලෙස පත් කර ගැනේ.
තවමත් බහුතර පුරුෂාධිපත්‍යයේ පවතින ජපාන පාර්ලිමේන්තුවේ ඇගේ අධිපත්‍යය, ජපානය නව මාවතකට යොමු කරනු ඇතැයි, අපේක්ෂා කෙරේ.
දිනෙන් දින ඉහළ යන පාරිභෝගික භාණ්ඩ මිල, අපැහැදිලි ආර්ථික වර්ධනය සහ සංක්‍රමණික ගැටළු වැනි එරට මුල් පෙළ අර්බුද රැසක් අද සිට ඇගේ කර මත පැටවේ.
කෙසේ වෙතත්, රාජ්‍ය යහපාලනය ජය ගැනීමට නම්, ඇයට විපක්ෂයේ සහාය අනිවාර්ය වේ. ඉදිරි පරිපූරක අයවැය සම්මත කර ගැනීම, නව අගමැතිනිය හමුවේ ඇති, ප්‍රථම අභියෝගයයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/21/2025
මුලාශ්‍රය :
Japan live: Parliament set to elect Sanae Takaichi as first female PM







