leader s

උතුරු කොරියාව අද (22), කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් මුදා හළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.


ආසියා - පැසිෆික් නායක හමුව ඉදිරි සතියේ දකුණු කොරියාවේදී පැවැත්වේ. ඊට සතියක පමණ කාලයක් තිබියදී උතුරු කොරියාව, එම අත්හදා බැලීම් සිදු කිරීම කලාපීය අවධානයට නතුව පවතී.

අද සිදුවීමට පෙර, උතුරු කොරියාව විසින් අවසන් වරට බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන ලද්දේ ඉකුත් මැයි මාසයේදීය. ඒ, එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ මූලිකත්වයෙන් එම අවි නිෂ්පාදනයට පනවන ලද ජාත්‍යන්තර තහනම ද අභියෝගයට ලක් කරමිනි.

ඉදිරි සතියේ, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගිතා සංසදයේදී (APEC) එරට නායක, ලී ජේ ම්යුඞ් (Lee Jae Myung) සහ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ. එහිදී, එක්සත් ජනපද ජනපතිවරයා සහ චීන ජනපති  ෂී ජින්පින් (Xi Jinping) අතර විශේෂ හමුවක් පැවැත්වීමට ද නියමිතය.

5RYJR2WKTROLFCGTZ5ON3H4VNU

උතුරු කොරියාවේ ප්යොන්ග්‍යන්ග් (Pyongyang) අගනුවරට නුදුරු ස්ථානයක සිට, ඊශාන දෙසට අද, උතුරු කොරියානු  බැලස්ටික් මිසයිල මුදා හළ බැව් නිරීක්ෂණය කළ බව, දකුණු කොරියානු හමුදාව පවසයි. ඒවා, ඉහළ අහසේ, අවම වශයෙන් කි.මී.350ක් වත් ගමන් කළ බව එම හමුදාව  කියයි. එසේ ගමන් කිරීමෙන් අනතුරුව එම මිසයිල  උතුරු කොරියානු භූමිය මත පතිත වන්නට ඇතැයි විශ්වාස කරන බවද, දකුණු කොරියානු හමුදාව පවසයි. ඊට අදාළ තොරතුරු එක්සත් ජනපදය සහ ජපානය වෙත ලබා දීමට ද එම හමුදාව විසින් පියවර ගෙන තිබේ.

දකුණු කොරියාව අද, හමුදා නායකත්වයේද සහභාගිත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු සාකච්ඡාවක්  කැඳවීය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/22/2025

මුලාශ්‍රය :

North Korea fires ballistic missiles week before leaders meet in South Korea

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්