leader s

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය පවුලේ ශුද්ධ මූල්‍ය වත්කම් වර්ධනයට ප්‍රබල දායකත්වයක් දුන් ක්‍රිප්ටෝ ව්‍යාපාරිකයෙකුට ඊයේ (23) ප්‍රසාදාත්මක සහනයක් ලබා දුන්නේය.

ඒ, ක්‍රිප්ටො හුවමාරු බයිනෑන්ස් හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චැංපෙං ෂාඕ (Changpeng Zhao)ට ය. දැන්, ඔහුට එක්සත් ජනපදය තුළ 'ජයටම' යළි ව්‍යාපාර කටයුතු කරගෙන යා හැක.  
 
2023 දී, මුදල් විශුද්ධිකරණය පිලිබඳ උල්ලංඝනයන් සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ ඔහුට සිව් මසක  සිර දඬුවම් හිමි විය. ඔහු  2024 සැප්තැම්බර් මස නිදහස ලැබීය. සිය දඬුවම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය වෙත ඉදිරිපත් කළ බලවත් ඉල්ලීම් හමුවේ, ඔහුට ජනපති සමාව ලැබිණි. මුදල් විශුද්ධිකරණ චෝදනා මත එවක, එක්සත් ජනපද බයිඩන් පරිපාලනය විසින් ඔහුට එදිරිව ගොනු කළ නඩුව, අනවශ්‍යව අධික ලෙස විභාගයට ගැනුණක් බව ට්‍රම්ප් රජය පවසයි.
cryp7897
 
මෙම ජනපති සමවත් සමග බයිනෑන්ස් සමාගමට යළි  එක්සත් ජනපදය තුළ ව්‍යාපාරික අවස්ථා උදා වේ. එම සමාගම විසින් අපරාධකරුවන්ට සිය ක්‍රිප්ටෝ වේදිකාව මත, ස්වාධීනව ගනුදෙනු කිරීමට අවස්ථා සම්පාදනය කළ  බව, ඊට එරෙහි වසර කිහිපයක විමර්ශනවලින් මීට පෙර අනාවරණය විය. එමගින්, ළමා ලිංගික හිංසනය, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ත්‍රස්තවාදී මූල්‍යපෝෂණය වැනි ක්‍රියා සිදු කර ඇතැයි ද, අනාවරණය විය.
කලක් ඩිජිටල් දේපල පිළිබඳ දැඩි විවේචනයේ යෙදුණු ජනපති ට්‍රම්ප්, දැන් පරිපූර්ණ ඩිජිටල් මූල්‍ය ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටී. ඔහුට සහ පවුලේ සාමාජිකයින්ට අයත් විවිධ ක්‍රිප්ටො ව්‍යාපෘති හරහා ඔහු විසින් ඩොලර් බිලියන 5කට අධික වත්කම් උපයා ඇත. වත්මන, ඔහුගේ නිශ්චල දේපල වත්කම් අභිබවා යන ඩිජිටල් මූල්‍ය වත්කම් සංචිත ඔහු සතුව පවතී.
 
"ඉන්න මම කියන්නම්. මගේ මතකය හරි නම්,  ඔය මනුස්සයා මං දන්න කෙනෙක් නෙවේ, මට මුණගැහිලත් නෑ.... මටත්, වටේ අය  තමා මිනිහ ගැන කිව්වෙ. ඇත්තටම, එයාට ගොඩක්  අය උදව් කරලා තිබුණා. ගොඩක් අය නම්  කියන්නෙ, මිනිහ කරලා තියෙන දේවල් අපරාධ නෙවෙයි කියල..."  ජනපති ට්‍රම්ප්, ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන ශාලාවේදී ෂාඕ පිලිබඳ මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් එසේ පිළිතුරු දුන්නේය.

(සටහන | CNN BUSINESS ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/24/2025

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්