leader s

ගාසා තීරයේ විසිරි පුපුරා නොගිය බෝම්බ ඇතුළු ද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් වසර 20ක් හෝ 30ක් ගත වනු ඇති බවට "හියුමැනිටි  ඇන්ඩ් ඉන්ක්ලූෂන්"  (Humanity & Inclusion) සංවිධානය පවසයි.

සමස්ත කලාපයම සිතියම් ගත නොකළ  සුවිසල් බෝම්බ කලාපයක් බව එම සංවිධානය අවධාරණය කරයි.

දෙවසරක ගාසා යුද්ධයෙන් කලාපය පුරා විසිරි, පුපුරා නොගිය බෝම්බ සහ වෙනත් පුද්ගල නාශක අවිවලට හසුව මේ දක්වා, පුද්ගලයින් 55කට අධික  සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව, සියයකට අධික  පිරිසක් තුවාළ ලබා ඇතැයි, එම සංවිධානය පවසයි.

gasa
ගාසා  තීරයේ දැනට ක්‍රියාත්මක සටන් විරාමය අතර තුර, ටොන් මිලියන ගණනක සුන්බුන් අතර පවතින පුපුරා නොගිය පුද්ගල නාශක බෝම්බ සහ අනෙකුත් අවි කොටස් ඉවත් කිරීම ආරම්භ කෙරේ. එහෙත්, එම මෙහෙයුම පූර්ණ වශයෙන් අවසන් කිරීමට තවත් දශක කිහිපයක් ගත වනු ඇතැයි, බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයකු වන නික් ඕර් (Nick Orr) පවසයි.
 "හියුමැනිටි  ඇන්ඩ් ඉන්ක්ලූෂන්" සංවිධානයේ, තමා ඇතුළු  සත් පුද්ගල විශේෂඥ කණ්ඩායම ලබන සතියේ, පළමුව, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පරිශ්‍ර වශයෙන් හඳුනා ඇති රෝහල් සහ බේකරි ආශ්‍රිත ප්‍රදේශයන්හි පවතින යුද සුන්බුන් හඳුනා ගැනීමට නිරීක්ෂණ ආරම්භ කරන බව ඔහු පැවසීය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/25/2025


Clearing Gaza's surface of bombs will take up to 30 years, aid group says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්