leader s

නයිජීරියාවේ ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය සහාය ලබා දීම සාදරයෙන් පිළිගන්නා මුත්,

කලාපීය ඒකාග්‍රතාව සහ රාජ්‍ය ස්වෛරීත්වය උල්ලංඝනය වන කිසිදු ක්‍රියාමාර්ගයක් අනුමත නොකරන බව, නයිජීරියාව පවසයි.

එරටට එරෙහි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "තර්ජනයට" ප්‍රතිචාර ලෙස නයිජීරියා රජය ඊයේ (02) එසේ ප්‍රකාශ කළේය.

නයිජීරියාවට එරෙහි "කඩිනම්" හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන ලෙස, ජනපති ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා තිබේ. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නයිජීරියාවේ කිතුණු සංහාර පිටුදැකීමට රජය අපොහොසත්වීම ඊට හේතුවයි.

එම ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජනපද මැදිහත්වීම නයිජීරියාවේ කලාපීය ඒකාග්‍රතාව ඉක්මවා නොයන්නේනම්, ඊට විරෝධයක් නැතැයි, එරට ජනපති බෝලා ටිනිබු ( Bola Tinubu) ගේ උපදේශක ඩැනියෙල් බ්වලා  (Daniel Bwala) කියා සිටියේය.  

ජනපති ට්‍රම්ප්, නයිජීරියාව අප්‍රසාදිත රටක් ලෙස නම් කර සිටියද, දෙරට අතර ද්වීපාර්ශ්වික අර්බුදයක් නැතැයි ද, බ්වලා පැවසීය.

දෙරට නායකයන් අතර මේ පිලිබඳ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය පිටුදැකීම පිණිස, වඩා සාර්ථක මෙන්ම සහයෝගාත්මක පියවර ගැනෙනු  ඇතැයි, අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජන වර්ග 200කින් පමණ යුත් නයිජීරියාවේ ජනගහනය මිලියන 200 ඉක්මවයි. එහි උතුරුකරයේ මුස්ලින් ජනතාව වෙසෙන අතර, දකුණේ බහුතරය කිතුණුවන් ගෙන් සමන්විතය.

බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය බටහිර අප්‍රිකානු ප්‍රාදේශිකය වැනි සංවිධාන විසින් වසර 15කට අධික කාලයක් තිස්සේ එරට අඛණ්ඩ ගැටුම් ඇති කර තිබේ. බොහෝ විට, එම ගැටුම් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඊශානදිග නයිජීරියාවට සීමාව පවතින අතර, ගැටුම් හමුවේ මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. එම ගැටුම් වලින් කිතුණුවන්  මිය ගිය ද ජීවිතක්ෂයට පත් වැඩි පිරිස මුස්ලිම් ජනයා වෙති.

වගා බිම් වෙත ජල සම්පාදන ගැටළු හේතුකොට මධ්‍යම නයිජීරියාවේ මුස්ලිම් සහ කිතුණු ජන කොටස් අතර දීර්ඝකාලීන  ගැටුම් ඇතිවී තිබේ. වයඹදිග නයිජීරියාවේ ක්‍රියාත්මක කැරලිකරුවෝ නිරන්තරයෙන් ගම්මාන වලට කඩාවදිමින් කප්පම් ඉල්ලා පුද්ගලයින් පැහැර ගනිමින් සිටිති.

සමාජයීය අනාරක්ෂිත භාවයට එරෙහි සටනේ දී නයිජීරියාව කිසි විටෙකත් කිසිදු ජන වර්ගයකට හෝ ආගමික කොට්ඨාශයකට  චෝදනා එල්ල නොකරන බව ද, බ්වලා අවධාරණය කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/03/2025


මුලාශ්‍රය :

Nigeria says US help against Islamist insurgents must respect its sovereignty



සබැඳි පුවතක් :

නයිජීරියාවට එක්සත් ජනපද හමුදා ගුවන් ප්‍රහාර !


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්