leader s

රුසියාවේ මොස්කව් නුවර තාපන සහ විදුලි ජනන මධ්‍යස්ථානයකට යුක්‍රේනය අද (23) දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

ප්‍රහාරයෙන් එම ස්ථානයේ විශාල ගින්නක් හටගැනිණි. දහස් සංඛ්‍යාත පිරිසකට  ශීත සෘතුවේ, තාපන පහසුකම් ඇණහිට පවතී. මෙම ප්‍රහාරය, යුක්‍රේනය  විසින් මෑත කාලීනව රුසියානු අභ්‍යන්තරය වෙත එල්ල කළ බරපතල ප්‍රහාරයකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ හටගත් දරුණුතම  සටන රුසියානු - යුක්‍රේන යුද්ධයයි. මේ වන විට, ඊට සිව් වසරකි. ගැටුම අතරතුර රුසියානු ප්‍රහාර බහුතරයක් යුක්‍රේනයේ තාපන සහ බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර එල්ල කෙරුණු අතර සිය නවතම ප්‍රහාරය තෙක්, යුක්‍රේනයේ ප්‍රධාන ඉලක්කය වූයේ, රුසියාවේ ඉන්ධන පිරිපහදුය.

අද පෙරයම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක්වූයේ, රුසියාවේ ෂටුරා (Shatura Power Station) බලාගාරයයි. එය ක්‍රෙම්ලිනයට කි.මී.120ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබේ.

ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හට ගත්තේය. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ඇති අයුරු ටෙලිග්‍රැම් සමාජ මධ්‍යයේ මුදා හැරුණු වීඩියෝ දර්ශන වල දැක්වේ.

ගුවන් ආරක්ෂක බලකා විසින් යුක්‍රේන ඩ්‍රෝන යාන රැසක් විනාශ කළ බව රුසියාව කියයි. ප්‍රහාරයෙන් පසු හදිසි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කෙරුණු අතර, අධි ශීත ප්‍රදේශ වෙත වහා ජංගම තාපන පද්ධති පිටත් කර හැරීමට පියවර ගැනිණි.  ෂටුරා නගරයේ ජනගහනය 33,000 ඉක්මවයි.

යුක්‍රේනයේ රුසියානු පාලනයේ පවතින ප්‍රදේශ  සහ යුක්‍රේනය සමීපයේ පිහිටි රුසියානු ප්‍රදේශ කිහිපයක ඇති බලශක්ති සහ තාපන මධ්‍යස්ථාන  ද යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය. එහෙත්, ඉන් බරපතල හානි හෝ එම මධ්‍යස්ථාන විනාශ වීම්  මෙතෙක් වාර්තා නොවේ. එම සමස්ත කලාපයේ ජනගහනය මිලියන 22 ඉක්මවයි.

ප්‍රහාරයන්ට එක්  වූ යුක්‍රේන  ඩ්‍රෝන 75ක් වෙඩි තබා බිම හෙළූ බව රුසියාව පවසයි. ඉන් 36ක් කළු මුහුදට ඉහළ අහසේ දී ය. ප්‍රහාරයත් සමග රුසියාවේ ව්නූකොවෝ (Vnukovo) ගුවන්තොටුපොළ කටයුතු පැයක පමණ කාලයකට තාවකාලිකව අත්හිටවිණි.

ෂටුරා බලශක්ති මධ්‍යස්ථානය  රුසියාවේ පිහිටි පැරණිතම විදුලි බලාගාරයකි. බොල්ෂෙවික් විප්ලවයෙන් පසු ව්ලැඩිමීර් ලෙනින්    (Vladimir Lenin) විසින් එය ස්ථාපනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/23 /2025

මුලාශ්‍රය :

Ukraine strikes Russian power and heat station in Moscow region


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්