ඉතියෝපියාවේ යමහලක් විධාරණය වීමෙන් නිකුත් වූ අළු දුමාරයක් ඕමානය සහ යේමනය හරහා රතු මුහුද ඔස්සේ හමාවිත් ඉන්දීය අගනුවර වන දිල්ලියට ළඟා වී තිබේ.
වසර දහස් ගණනක් තිස්සේ නිද්‍රාශීලීව පැවති ඉතියෝපියාවේ හේලි ගුබ්බි ගිනිකන්ද ඉරිදා උදෑසන සිට පුපුරා යාමට පටන් ගෙන තිබූ අතර, එමඟින් අළු අඩි දහස් ගණනක් ඉහලට නිකුත් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අළු දුමාරය නිසා ඉන්දියාවේ ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර, ප්‍රමාද කර හෝ නැවත හරවා යවා ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශ "මගහැර" ගමන් කරන ලෙසද එරට ගුවන් ගමන් පාලනාධිකාරිය ගුවන් සමාගම්වලින් ඉල්ලා ඇත.
අළු නිසා සිදු වූ වායු දූෂණයේ තරම අපැහැදිලි නමුත් අඟහරුවාදා නිල කියවීම්වලට අනුව "ඉතා අවම මට්ටමේ" පැවති දිල්ලියේ වායු ගුණාත්මකභාවයට එය බලපානු ඇතැයි සිතිය නොහැක.







