පාකිස්ථාන හමුදා ඇෆ්ඝනිස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරති.
ඇෆ්ඝනිස්ථානයේ ඛොස්ට් (Khost) පළාතේ නිවෙසක් වෙත එම ප්‍රහාරය එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් ළමුන් 9 දෙනකු සහ කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බව, තලිබාන් බලධාරීහු පවසති.
පාකිස්ථාන හමුදා, කුනාර් (Kunar) සහ පක්ටිකා (Paktika) හි සිදු කළ වැටලීම් හිදී පුද්ගලයින් සිව් දෙනකු තුවාළ ලද බවද වාර්තා වේ. බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ දී ය.
පාකිස්ථානයේ, පෙෂාවොර් හි පිහිටි අතුරු හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන ද්විත්ව බෝම්බ ප්‍රහාරයක් එල්ල වී දිනකට පසුව එරට හමුදා, ඇෆ්ඝනිස්ථානය ඉලක්ක කර මෙම නවතම ප්‍රහාරය සිදු කළහ.
විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් ඉකුත් ඔක්තෝබරයේ දෙරට හමුදා අතර ගැටුම් ඇති විය. 2021 තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු හට ගත් දරුණුතම ගැටුම එය විය.
දෙපාර්ශ්වය විසින් ඉකුත් මස දෝහා හිදී සටන් විරාම ගිවිසුමකට ද අත්සන් තැබිණි. එහෙත්, ඇෆ්ඝනිස්ථානයේ සිට ක්‍රියාත්මක, පාකිස්ථානයට එරෙහි සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ ගැටළු හේතුවෙන්, තිරසර විසඳුම් පතා තුර්කියේ පැවති දෙරට අතර සාම කතා අසාර්ථක විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/25 /2025
Afghanistan says 9 children killed in Pakistani air strikes, vows to respond







