හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ පොදු මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) රාත්‍රියේ හටගත් දරුණු ගින්නෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් 279 දෙනෙකු අතුරුදහන් වී තිබේ.
මෙය අවම වශයෙන් වසර 63 කට පසු හොංකොංහි හටගත් දරුණුතම ගින්න ලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණයේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 800කට වැඩි පිරිසක් සේවයේ යොදවා සිටියි.
ගින්න ඉක්මනින් පැතිරීමට ඉඩ සැලසෙන දැල් සහ ප්ලාස්ටික් තහඩු ඇතුළු දැවෙන ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2021 වසරේ සංගණනයකට අනුව, මෙම මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ පුද්ගලයන් 4,600න් 40%කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් අවුරුදු 65ක් හෝ ඊට වැඩි අය වෙති.
සබැඳි පුවත් :
හොං කොං හි අහස සූරණ මැදුරු සංකීර්ණයක් ගින්නෙන් දැවේ







