ඉරාකයට ඊයේ (26) රොකට් ප්‍රහාරයක් එල්ල විය.
එරට කුර්දිස්ථාන් (Kurdistan) කලාපයේ ඛොර් මෝ (Khor Mor) ගෑස් ක්ෂේත්‍රය එම රොකට් ප්‍රහාරයට මැදි වී ඇත. රට පුරා ස්ථාන රැසක විදුලිය විසන්ධි වී තිබේ.
ප්‍රහාරයෙන් කිසිවකුත් තුවාළ ලබා නැතැයි, වාර්තා වේ. එරට ඉන්ධන ගබඩා රැසක් ඉකුත් ජුලි මස ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් විය. ප්‍රහාර හේතුවෙන් එම මස ඉරාකයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 150,000කින් කපා හැරීමට ද සිදු විය.
ඊයේ ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්ව පිලිබඳ මෙතෙක් නිල අනාවරණ සිදු කර නොමැත. ප්‍රහාරයෙන්, කලාපයීය තෙල් නිෂ්පාදනයට සහ අපනයනයන්ට බාධා නැතැයි, වාර්තා වේ. කලාපයේ විදුලි බල උත්පාදනයට ගෑස් සැපයෙන්නේ, ප්‍රහාරයට ලක් වූ ඛොර් මෝ ගෑස් ක්ෂේත්‍රයෙනි. එය එක්සත් ජනපද සමාගමක ආයෝජනයකි.
ඉරන සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය සිදු කළ බවට සැක කෙරේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/27 /2025
මුලාශ්‍රය :
Rocket attack shuts down Iraq's Khor Mor gas field, bringing power cuts







