leader s

ශ්‍රී ලංකාවට බරපතළ හානි සිදුකළ "දිත්වා" සුළි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුල්වී පැය 48කට ආසන්න කාලයක් ගත වී ඇතත් එහි මරණ වාර්තා වන්නේ 3ක් බව Times Now ඇතුළු ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

 

මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව දෙසතියක් තිස්සේ සැලසුම් කොට ආපදාව මනාලෙස කළමනාකරණය කිරීම ඊට හේතුව බවයි පැවසෙන්නේ.

 

ශ්‍රී ලංකාවේ මෙන් තුන් ගුණයකට ආසන්න ජනගහනයක් වෙසෙන (මිලියන 60ක්) තමිල්නාඩු ප්‍රාන්තයේ මෙම ආපදාව කළමනාකරණය කිරීම සඳහා කණ්ඩායම් 28ක් කල් තබාම පත්කර මධ්‍යම රජයේද උදව් ලබාගෙන "දිත්වා" මෙල්ල කිරීමට පූර්ව සැලසුම් සකස්කර තිබිනි.

 

ශ්‍රී ලංකාවෙහි මෙන් අධික වැසි මධ්‍යයේ සහන කණ්ඩායම් ධීවර ප්‍රජාවගේ බෝට්ටු ඇතුළු සම්පත් ආරක්‍ෂා කිරීමට සැලසුම් සහගත පියවර ගෙන තිබිණි.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙහි මෙන් බරපතල හානි වලින් තොරව තත්ත්වය පාලනය කරන ලදැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සහ ස්වදේශ අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ  කළේය.


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්