බ්‍රිතාන්‍ය සන්නිවේදන කාර්යාලය (Ofcom) විසින් වර්ජින් මීඩියා (Virgin Media) සමාගමට පවුම් මිලියන 23.8ක හෙවත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 31.44ක දඩයක් පැනවේ.
සමාගම සතු සාම්ප්‍රදායික ඇනලොග් සබඳතා, ඩිජිටල් ගෘහස්ත සබඳතා වෙත මාරු කෙරෙන වැඩසටහනක් අතරතුර සිය ටෙලි-සුරැකුම් පාරිභෝගිකයින් විසන්ධි කිරීම සම්බන්ධයෙන් එම දඩය පැනවිණි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා මත පසුවන පුද්ගලයින්, වැඩිහිටි පිරිස් මෙන්ම ආබාධ සහිත පුද්ගලයින් එම සමාගම සතු හදිසි අනතුරු ඇඟවීම් සහ නිරීක්ෂණ සේවා මගින් බල ගන්වා තිබේ. 2022 වසරේ අගෝස්තු සහ 2023 දෙසැම්බර අතර කාලයේ සිදු කෙරුණු තාක්ෂණ අන්තර්ග්‍රහණ වැඩසටහනක් අතරතුර එහි ටෙලි-සුරැකුම් පාරිභෝගිකයින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස නිවැරදිව හඳුනාගැනීමට සමාගම අපොහොසත් විය.
අදාළ ක්‍රියාවලියට සම්බන්ධ නොවූ එම පාරිභෝගිකයින් විසන්ධි කිරීමට සමාගම කටයුතු කළේය. එහිදී, අනතුරු දැනවුම් පද්ධති ඔස්සේ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත සම්බන්ධ කර තිබූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සෘජු ජීවිත අවදානමකට බඳුන් විය.
බ්‍රිතාන්‍ය සන්නිවේදන කාර්යාලය හෙවත් 'ඔෆ්කොම්' යනු එරට සන්නිවේදන සේවා නියාමන ආයතනයයි. එය ස්වාධීන ආයතනයක් සේ ක්‍රියාත්මකය. බ්‍රිතාන්‍යයේ, රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශ, විදුලි සංදේශ සේවා, තැපැල් සේවය, සන්නිවේදන සේවා සඳහා වන රැහැන් රහිත ජාල සහ වීඩියෝ දර්ශන හුවමාරු නව මාධ්‍ය වේදිකා සියල්ල ඒ යටතේ නියාමනය කෙරේ.
(සටහන | Reuters, THE CONVERSATION සහ Ada Derana ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
12/01 /2025
මුලාශ්‍රය :
UK's Ofcom fines Virgin Media $31 million







