leader s

පසු ගිය දා හොං කොං මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නට වගකිවයුතු පුද්ගලයින් 13 දෙනකු අත්අඩංගුවට  ගැනේ.

 

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සැකපිට බලධාරීන් විසින්  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ උදෙසා ප්‍රමිතියෙන් බාල  ද්‍රව්‍ය යොදා ගැනීම ගින්නට හේතුවයි.  හොං කොං දේශය, ඉදිකිරීම්  සඳහා උණ බට  ආශ්‍රිත පලංචි භාවිතා කරන ලොව අවසන් රටවල් කිහිපය අතුරින් එකකි. ඉකුත් බදාදා (26) සිදුවූ එම ගින්නෙන් 146කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි විය.

මහල් නිවාස සංකීර්ණයට අයත් උස ගොඩනැගිලි හතෙන්, හතරක පොලිස් සෝදිසි කිරීම් මේ වන විට අවසන් කර තිබේ. ගින්නෙන් පලා යාමට තැත්කළ පදිංචිකරුවන්ගේ මළ සිරුරු රැසක් ගොඩනැගිලි වහල සහ තරප්පු පෙළ මත තිබියදී සොයා ගැනීමට පොලිසියට  හැකිවිය. පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.

සාම්පල පරික්ෂාවට යොදා ගත්,  උණ බට පලංචි මත යෙදූ කොළ පැහැති දැල් ආවරණය, ගිනි ආරක්ෂණ ප්‍රමිතීන්ගෙන් තොර බව අනාවරණය ව තිබේ. තත්ත්වයෙන් බාල එම ද්‍රව්‍ය, කොන්ත්‍රාත්කරුවන් විසින්, නිරීක්ෂකයින්ගේ ඇස නොගැටෙන සේ උස් පලංචි අතර සූක්ෂ්මව එක් කර තිබූ බව විමර්ශන නිලධාරීහු පවසති.

ගින්න මැඩ පැවැත්වීමට කොන්ත්‍රාත්කරුවන් විසින් යොදා ගත් පෙණ ද්‍රාවණ ගින්න තව දුරටත් පැතිරීමට ඉවහල්වූ බවද නිරීක්ෂණය වී තිබේ. නිවාස සංකීර්ණයේ වූ ගිනි අනතුරු සංඥා ද හරි හැටි ක්‍රියාත්මකව නොමැත.

අනතුරින් ජීවිතක්ෂයට පත් පිරිස් වෙත අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත පිරිසක් එක් වූහ. එම පෝලිම කිලෝ මීටරයකට අධික දිගින් යුක්ත වී යැයි, ඇසින් දුටුවෝ පැවසූහ.

බහු මහල් නිවාස සංකීරණයේ 4000කට අධික නිවැසියන් පිරිසක් පදිංචි ව  සිටියහ. ඉන්, 1,100කට ආසන්න පිරිසක් තාවකාලික ආරක්‍ෂිත වාසස්ථාන කරා යොමු කර ඇත. 680ක පමණ පිරිසකට තරුණ නේවාසිකාගාර සහ හෝටල් හි නවාතැන් පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. විනාශයට පත් සෑම  නිවෙස් ඒකකයක් වෙතම හොං කොං ඩොලර් 10,000 ක වන්දියක් ලබා දීමට කටයුතු කෙරේ. එය, ඇමෙරිකානු ඩොලර් 1,284කි. නිවැසියන් වෙත නව හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත් සහ විවාහ සහතික  නිකුත් කිරීමට ද පියවර ගැනේ.  

ගින්නට හසු වූ  වැඞ් ෆුක් කොර්ට් (Wang Fuk Court) මහල් නිවාස සංකීර්ණයේ පලංචි මත යෙදූ දැල් ආවරණය ගිනිගන්නා සුළු  බවට එහි පදිංචිකරුවන් විසින් 2024 දෙසැම්බර මස දන්වා ඇතැයි ද වාර්තා වේ.

(සටහන | Reuters, THE CONVERSATION  සහ Ada Derana  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Hong Kong arrests more suspects in fire probe as death toll hits 151

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්