leader s

හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ නායකයා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පලිගන්නා බව එම සංවිධානයේ ප්‍රධානී පවසයි.

එම ඝාතනයට ප්‍රතිප්‍රහාර දැක්වීමට තමන්ට අයිතියක් ඇතැයි, ඔහු කියා සිටී. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර නව ගැටුමක පෙරනිමිති පහළ වෙමින් පවතී.

රූපවාහිනී ජන ඇමතුමක් ඔස්සේ, එම සංවිධානයේ නායක නයීම් ඛසෙම් (Naim Qassem) විසින් එම ප්‍රකාශය සිදු කිරීමත් සමග ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක සොයා ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර තවදුරටත් සිදුවෙතැයි බිය පළ ව තිබේ.

ඊශ්‍රායල හමුදා, ඉකුත් 23 දා දකුණු බීරුත් හිදී, හිස්බුල්ලා සන්නද්ධ ප්‍රධානී හේතම් අලි ටබ්ටබායි (Haytham Ali Tabtabai) ඝාතනය කළහ.

ප්‍රති ප්‍රහාරයකට කල් බලමින් සිටින බව ඛසෙම් පවසයි. ඇතැම්විට, එය නව යුද්ධයකට අතවැනීමක්  වියහැකි බවද, ඔහු අනතුරු අඟවා සිටී. ලෙබනන රජය ඊශ්‍රායල පීඩනයට ප්‍රතිරෝධය පිණිස යම් සැලැස්මක් සකස් කළ යුතු බව ද, ඔහු අවධාරණය කරයි.

හිස්බුල්ලා සතු අවි අත්අඩංගුවට ගැනීමට ලෙබනන හමුදා දරන ප්‍රයත්නය ප්‍රමාණවත් නැතැයි, ඊශ්‍රායලය පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්