leader s

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ සිදු වූ ජල විපත් සහ නාය යාම් වලින් දිවි අහිමි වූ පුද්ගලයින් ගණන 708 ක් බව, විපත් බලධාරීහු පවසති.


මාස කිහිපයක සිට දකුණු ආසියාවට බලපෑ  අයහපත් කාලගුණයෙන් හටගත් විපත්වලින් සමස්ත ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 900කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ. රට තුළ සිදු කෙරෙන වන විනාශය, ස්වභාවික විපත් ඉහළ යාමට හේතු වී ඇතැයි, පරිසර විශේෂඥයෝ කියති.

ගොඩින්, මුහුදින් සහ ගුවනින් විපතට පත් පිරිස් වෙත ආධාර බෙදා හැරේ. අවහිර වූ මාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ කටයුතු ද ආරම්භ  කර ඇත. හානියට පත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ද පියවර ගැනෙමින්  පවතී. මාර්ග පද්ධතිය යථාවත්  කිරීමත් සමග අවශ්‍ය සැපයුම් සම්පාදනය කඩිනම් කිරීමට හැකි වෙතැයි, අපේක්ෂා කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්