ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කල්ලි නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ.
පවුල් ආරවුලක් විසඳීමට මැදිහත් වූ අවස්ථාවෙක එම වෙඩි තැබීම සිදු කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කණ්ඩායම් එකමුතු කිරීමට දරන ප්‍රයත්නය මෙම ඝාතනය හමුවේ අභියෝගයට ලක් ව පවතී
දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල පාලිත රෆා හි විසූ යස්සෙර් අබු ශබාබ් (Yasser Abu Shabab) නම් එම පලස්තීන සන්නද්ධ කල්ලි ප්‍රධානී, දෙවසරක ගාසා යුද සමයේ එහි හමාස් විරෝධී කණ්ඩායම් කිහිපයක නායකත්වය ගෙන ක්‍රියා කළේය.
ඔහුගේ ඝාතනය, හමාස් උදක්ම අපේක්ෂා කළ බව වාර්තා වේ. ඔහු ඊශ්‍රායල සහායකයකු ලෙස නම් කර තිබූ අතර, ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි නොවේ නම්, ඝාතනය කරන ලෙස හමාස් සංවිධානය විසින් උපදෙස් නිකුත් කර තිබිණි.
සිය නායකයා ඝාතනය වූයේ පවුල් ආරවුල් විසඳීමක් මධ්‍යයේ ලත් වෙඩි පහරකින් මිස හමාස් සටන්කරුවන් අතින් නොවේ යැයි, ඔහු නායකත්වය දුන් සන්නද්ධ කණ්ඩායම පවසයි.
ගාසා තීරයේ හමාස් විරෝධී කණ්ඩායම් සන්නද්ධ කිරීමට පියවර ගත් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉකුත් ජුනි මස කියා සිටියේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Anti-Hamas Gazan tribal leader killed in setback for Israeli policy







