leader s

අද (05) යේමනයේ බටහිර කලාපයේ නාවික සැතපුම් 15ක පමණ දුරකින් සයුරේ යාත්‍රා කරමින් පැවති නෞකාවකට ප්‍රහාර එල්ල වන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) පවසයි. ඒ වෙත පැමිණි වෙනත් යාත්‍රාවකින් එම ප්‍රහාර එල්ල කෙරෙන බව වාර්තා වේ.


මේ අතර ඊයේ (04) දකුණු ලෙබනනයේ  නගර දෙකක් වෙත ගුවනින් ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායලය කියයි. හිස්බුල්ලා සටන්කරුවන් ක්‍රියාත්මක වෙතැයි අනුමාන කළ ගොඩනැගිලි දෙකකින් ඉවත් වන ලෙස කළ දැනුම්දීමකින් අනතුරුව එම ප්‍රහාර එල්ල විය.

ඊශ්‍රායලය සහ ලෙබනනය විසින් දෙරට අතර මීට වසරකට පෙර ඇරඹි සටන් විරාමය පිලිබඳ කමිටුවකට සහභාගී වීමට සිවිල් නියෝජිත පිරිසක් පිටත් කර, දිනක ඇවෑමෙන් නව ප්‍රහාරය සිදු කෙරිණි. පුළුල් සටන් විරාමයක් තෙක් සාකච්ඡා දියත් කිරීම කමිටුවේ අපේක්ෂාවයි.

 

2IUKIS7JDNMW3MDT7MY2RWUROE
මේ අතර දකුණු ගාසා තීරයේ උමං මාර්ගවල සිරව සිටි හමාස් සාමාජිකයින් 40කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා ඊයේ පැවසූහ. එම ප්‍රදේශය මේ වන විට,  ඊශ්‍රායල හමුදා  පාලනය යටතේ පවතී.  

එම උමං පද්ධති තුළ හමාස් සාමාජිකයින් 200කට වැඩි පිරිසක් සිරව ඇතැයි ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීහු මීට පෙර ප්‍රකාශ කළහ. ඉන් පිටතට පැමිණීමට උත්සාහ දැරීමේදී සිදුවූ වෙඩි හුවමාරුවලින් ඇතැම් හමාස් සටන්කරුවෝ ජීවිතක්ෂයට පත් වූහ. ඇතැමෙක් ඊශ්‍රායල  හමුදාවන්ට භාර වූ බව ද වාර්තා වේ. ඊශ්‍රායල හමුදාවන්ට යටත් වන හමාස් සාමාජිකයින්ට ආරක්ෂිතව ගාසා තීරයේ වෙනත් ප්‍රදේශ බලා පලා යාමට අවස්ථා සැලසීමේ අරමුණින් එක්සත් ජනපදය සහ මධ්‍යස්ත පාර්ශ්ව අතර පැවති  සාකච්ඡා  ද අසාර්ථක විය.

324cb15f a519 4ae8 888e 5fe618ec56e3 16x9 1200x676
ගාසා උමං පද්ධති තුළ සිරවී සිටි හමාස් සටන්කරුවන් සොයා එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අවම වශයෙන් එම සංවිධානයේ අණ දෙන්නන් කිහිප දෙනකුද ඝාතනය වී ඇතැයි,  ඊශ්‍රායල හමුදා පවසති. ගාසා  තීරයෙන් නෙරපන ලද හමාස් නායකයකුගේ පුත්‍රයකුද ඒ අතර වන බව වාර්තා වේ.

ගාසා උමං හි සිය සාමාජිකයින් කොපමණ පිරිසක් සිරවී සිටිත් දැයි හමාස් සංවිධානය මෙතෙක් අනාවරණය කර නැත. එහි සිටි හමාස් සාමාජිකයින්  40ක් පමණ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ඔවුහු පවසති.

 



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Vessel off Yemen reports exchange of fire with small crafts, British Maritime agency says

Israel says it strikes two south Lebanon towns

Israel says it killed around 40 Hamas militants trapped in Gaza tunnels

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්