leader s

ජර්මනියෙන් අමතර සබ්මැරීන දෙකක් සහ තවත් දිගු දුර මිසයිල මිලදී ගැනීමට නොර්වේ රාජ්‍යය සූදානම් වේ.

ඒ පිලිබඳ නොර්වේ ආරක්ෂක අමාත්‍යංශය අද (05) දැනුම් දුන්නේය. යුද අවි පිණිස පවත්නා දැඩි ඉල්ලුම  හමුවේ, පෙර ප්‍රසම්පාදිත මිල හා සැසඳීමේදී,  නොර්වේ රාජ්‍යයට වැඩි මිලට එම යුදෝපකරණ සහ අවි   මිලදී ගැනීමට  සිදුව තිබේ.

මීට පෙර,  2021 වසරේ එරට,  ජර්මනියේ ටිසෙන්කෘප් (Thyssenkrupp) සමාගමෙන්  සබ්මැරීන 4ක් ඇනවුම් කළේය. ඒ, එවක වටිනාකම වූ ක්‍රවුන් බිලියන 45කට ය. පෙර සමාගම වෙතින්ම නව සබ්මැරීන මිලදී ගැනීම නොර්වේ රාජ්‍යයේ අපේක්ෂාවයි. නව සබ්මැරීන දෙක වෙනුවෙන් වැය කෙරෙන මුදල ක්‍රවුන් බිලියන 46කි. එනම්,  දළ වශයෙන්  ඇමෙරිකානු ඩොලර් බිලියන 4.55කි.  නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආරක්ෂක මෙවලම් මිල  උද්ධමනය ද එම නිෂ්පාදන  මිල වැඩි වීමට හේතු වී තිබේ. එම  යුධ රථ මිලදී ගැනීම වෙනුවෙන් නොර්වේ රාජ්‍යයට දැරීමට සිදුවන සමස්ත මිල  ආසන්න වශයෙන් ක්‍රවුන් බිලියන 100කි. එනම්, දළ  වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.89කි.

නැටෝ (NATO) රාජ්‍ය බොහොමයක් සිය ආරක්ෂක වියදම් ඉහළ දමමින් සිටිති. එක්සත් ජනපද, ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ බල කිරීම මත සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් එසේ කිරීමට ඔවුන්ට සිදුව තිබේ. රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන  - උතුරු බලමුළුව විසින් භාවිතා කෙරෙන උතුරු අත්ලාන්තික් කලාපයේ වර්ග කි.මී. මිලියන 2ක ප්‍රදේශය නොර්වේ රාජ්‍යයේ නිරීක්ෂණය යටතේ  පවතී. නොර්වේ රාජ්‍යය  නව සබ්මැරීන මිලදී ගන්නේ,  එහි ක්‍රියාත්මක  රුසියානු සබ්මැරීන නිරීක්ෂණය පිණිසය.  ආර්ක්ටික් කලාපයේ නොර්වේ දේශ සීමාව යාබදව පවතින කෝලා (Kola) අර්ධද්වීපයේ රුසියානු සබ්මැරීන, කඳවුරු ලා සිටී.

උතුරු අත්ලාන්තික් සාගරයේ සහ බැරෙන්ට්ස් මුහුදේ රුසියානු හමුදා ක්‍රියාන්විතවල වර්ධනයක් දක්නට ඇතැයි, නොර්වේ ආරක්ෂක අමාත්‍ය, ටෝර් සැන්ඩ්වික් ( Tore Sandvik) අවධාරණය කරයි.  

ඇනවුම් කළ සබ්මැරීන හයෙන්, පළමු සබ්මැරීනය 2029 දී නොර්වේ රාජ්‍යය වෙත ලැබීමට නියමිතය.

නව ප්‍රසම්පාදන ඇණවුමකින්, සිය  හමුදා වෙත, කි.මී.500ක තරම් දුරක ඉලක්ක හඹා යා හැකි දිගු දුර මිසයිල මිලදී ගැනීමට ද නොර්වේ සූදානම් ය. එම මිලදී ගැන්මට වැය වෙතැයි අපේක්ෂිත මුදල  ක්‍රවුන් බිලියන 19කි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

Norway to buy two more submarines, long-range missiles


 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්