leader s

ඉරානයේ විප්ලවීය නාවුක හමුදාව ඊයේ (05) ගල්ෆ් මුහුදේ බැලස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බැලූහ.  ඒ, විදෙස් තර්ජනවලට මුහුණ දීමේ නාවුක ශක්‍යතා වර්ධනය අරමුණු කරගත් දෙදින යුද අභ්‍යාසයක දී ය.


ඉරාන යුද  අභ්‍යාස, ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) විසින් බල ගන්වා  තිබීම විශේෂත්වයකි.  

හොර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ඕමාන ගල්ෆ් කලාපයේ එම පාබල සහ නාවුක හමුදා අභ්‍යාස පැවැත්විණි.

ඉදිරි යුද්ධයකදී ඉරානය සතු කෘත්‍රිම බුද්ධි ශක්‍යතාව  එම අභ්‍යාස වලදී අවධාරණය කෙරිණි. සතුරු අභියෝගයක දී  හමුදා කණ්ඩායම් සහ පාර්ශ්ව රටවල් අතර සහ-සම්බන්ධීකරණය ද ඉරාන හමුදා අභ්‍යාසවල තවත් අරමුණකි. දේශ සීමා අතර ප්‍රති-ත්‍රස්ත යුද අභ්‍යාස සඳහා සෞදි අරාබිය, ඉරාකය, ඕමානය සහ අසෙර්බයිජානය ද  එක් වූහ.



මීට පෙර, පෙරදිග අසෙර්බයිජානයේ උතුරු ප්‍රාන්ත බද පෙදෙසක ඉරාන හමුදා ප්‍රති-ත්‍රස්ත අභ්‍යාසවල ද නිරත වූහ. ඉකුත් ජුනි මස එරට සහ ඊශ්‍රායලය අතර පැවති දින 12ක ගුවන් යුද ගැටුමින් අනතුරුව මෙම නව අභ්‍යාස පැවැත්විණි. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉක්ලක්ක කළ එම ඊශ්‍රායල  ප්‍රහාර සඳහා එක්සත් ජනපද හමුදා සහාය හිමි විය.

ඕමාන ගල්ෆ් කලාපයේ ඉරාන යුද අභ්‍යාස සඳහා ඛඩර් 110, ඛඩර් 380 සහ ඛඩර් 360 වර්ගයේ කෲස් මිසයිල මෙන්ම 303 වර්ගයේ බැලස්ටික් මිසයිල ද යොදා ගැනිණි. නිසි ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද ඊට ඇතුළත් විය.

ඉරානයේ බැලස්ටික් මිසයිල තර්ජනය කලාපීය ස්ථාවරත්වය කෙරෙහි සාම්ප්‍රදායික ව පවතින්නක්  බව, බටහිර මතයයි. ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේද යන්න පිළිබඳව ද බටහිර රටවල් විමසිල්ලෙන් පසු වේ.

iran military drills

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු යුරේසියානු ආරක්ෂක සහ ආර්ථික සන්ධානයක් ලෙස 2001 වර්ෂයේ දී පිහිටුවා ගන්නා ලද්දකි. ත්‍රස්තවාදයට, බෙදුම්වාදයට සහ මූලධර්මවාදයට එරෙහිව එය, සිය සාමාජිකයින් හා  නිරන්තර ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල නිරත වේ. චීනය, රුසියාව, ඉන්දියාව, පාකිස්ථානය සහ මධ්‍යම ආසියාවේ තවත් රටවල් කිහිපයක්ම ඊට ඇතුළත් ය. සෞදි අරාබිය, ඉරානය සහ තවත් සාමාජික රටවල්  එහි ඇතැම් මෙහෙයුම් සඳහා නිරීක්ෂක තත්ත්වයෙන් සහභාගී වෙති.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්