leader s

බටහිර ඉවුරේ ධාවනය වෙමින් තිබූ  මෝටර් රථ වෙත ගල් ගැසූ පලස්තීනුවන් තිදෙනෙක් වෙත ඊයේ (07), ඊශ්‍රායල හමුදා වෙඩි තැබූහ. ගල් ප්‍රහාර එල්ල කළ එක් පලස්තීනුවකු වෙඩි ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, එම හමුදා පැවසූහ.

ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවකු මරණයට පත්ව, තවත් අයෙක්  තුවාළ ලබා ඇතැයි, පලස්තීන රතු අඩසඳ සංවිධානය ද තහවුරු කළේය.

වෙඩි ප්‍රහාරවලට අමතරව, එක් පලස්තීනුවකු මෙල්ල කර, තවත් අයකු අත්අඩංගුවට ගත්  බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.

ඊට දිනකට පෙර, ඊශ්‍රායල හමුදා වෙත මෝටර් රථයක් ධාවනය කළ තරුණයකු එම හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය. බටහිර ඉවුරේ හෙබ්‍රන් නගරයේ, හමුදා මුරපොලක් ආසන්නයේ "නිකරුණේ" ගැවසුණු පුද්ගලයකු ද, ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඝාතනය කළහ. එම හමුදා වෙත මෝටර රථයක් පැදවූ තරුණයා 17 වියෙහි පසු වූවකු බවත්, ජීවිතක්ෂයට පත් අනෙක් පුද්ගලයා 55 හැවිරිදි අයකු බවත් වාර්තා වේ.

 



නගර සභාවේ සේවයේ නියුතු 55 හැවිරිදි වීදි පවිත්‍ර කරන්නකු රාජකාරියේ යෙදී සිටියදී, ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ බව,  පලස්තීන වෆා (WAFA) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය.

මෙම වසරේ, ඊශ්‍රායලය විසින් අත්පත් කරන ලද බටහිර ඉවුරේ භීෂණකාරී ක්‍රියාවන්හි වර්ධනයක් දක්නට ලැබිණි. පලස්තීනුවන් වෙත ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් එල්ල කළ මරණීය ප්‍රහාර රැසක් එහි වාර්තා විය. බටහිර ඉවුරේ නාගරික කලාප කිහිපයකට ඊශ්‍රායල හමුදා සීමා පැනවූ අතර,  එහි කලාප රැසක් හදිසි සෝදිසි මෙහෙයුම් වලට ලක්  කළහ.

minors

 

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව, ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා, බටහිර ඉවුරේ සිදු කළ ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් වලින් වයස අවුරුදු 18ට අඩු පලස්තීන බාල වයස්කරුවන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව සිටිති.

පලස්තීනුවන් විසින් ද එහි ඊශ්‍රායල හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අතර, ඉන් ඇතැම් ඒවා, මරණීය ප්‍රහාර විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්