leader s

ගාසා යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද සැලැස්මේ දෙවන අදියර ආසන්න ව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (07) පැවසීය.

එහෙත් ඊට පෙර, එහි බහු ජාතික සේනාංක ස්ථාපිත කරන්නේද වැනි තවත් ප්‍රධාන කරුණු රැසක් විසඳා ගත යුතුව ඇතැයි ද, හෙතෙම අවධාරණය කළේය.

ජෙරුසෙලමට පැමිණි ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මේර්ස් (Friedrich Merz) සමග මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බැව් ප්‍රකාශ කළේය. ගාසා සටන් විරාමයේ දෙවන අදියර සාර්ථක කර ගැනීම පිලිබඳ මෙම මස  අවසන එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු කියා සිටියේය. ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම පිලිබඳ එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය, එහි දෙවන මසට අවතීර්ණ වෙමින් පවතී. එය උල්ලංඝනය පිලිබඳ දෙපාර්ශ්වය ම එකිනෙකා වෙත චෝදනා එල්ල කරති.

හමාස් සංවිධානය, සටන් විරාමයට අනුගත වනවා පමණක් නොව, සිය සාමාජිකයන් සියල්ල නිරායුධකරණය සහ ගාසා තීරය යුද මුක්ත කලාපයක් බවට පත් කිරීම කෙරෙහිද කැප වී කටයුතු කළ යුතු බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර ප්‍රකාරව, ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ 53%ක ප්‍රදේශයක  බලය තහවුරු කර සිටිති. සටන් විරාමය ඇරඹීමත් සමග හමාස් සංවිධානය විසින්, ගාසා  තීරයේ ඉතිරි පෙදෙස්හි සිය පාලනය යළි ස්ථාපිත කරමින් සිටී.

2025 10 06T110634Z 465801893 RC2A6HAVT6RU RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA 2 1024x645

 

සටන් විරාමයේ දෙවන අදියරේදී අන්තර්වාර අධිකාරියක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව බහු ජාතික සේනාංක ලඟා වීමත් සමග ඊශ්‍රායල හමුදා තව දුරටත් පසු බැසීමට නියමිතය. හමාස් සංවිධානය නිරායුධ වීමෙන් පසු ප්‍රතිසංස්කරණ ඇරඹේ.

ඊශ්‍රායලයේ මේ වන විටත්, බහු ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ. සටන් විරාමයේ දෙවන අදියර ආරම්භයට දින නියමයක් නැතත්, ඉතා ඉක්මනින් එය සිදු කිරීමට ගත් ප්‍රයත්න ව්‍යර්ථ ව ඇතැයි, මැදහත් පාර්ශ්ව කියති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්