leader s

දකුණු ලෙබනනයේ ස්ථාන රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ (08) ඊශ්‍රායල හමුදා ගුවනින් ප්‍රහාර එල්ල කළහ. එම සංවිධානයට අයත් රද්වාන් බලකා පුහුණු පරිශ්‍රයක් ද එම ප්‍රහාර වලින් විනාශයට පත් විය. හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම්, මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් ද  ගුවන් ප්‍රහාර වලින් විනාශ කළ බව, ඊශ්‍රායල හමුදාව පවසයි.


පසු ගිය දා ඊශ්‍රායල සහ ලෙබනන  සිවිල් දූත පිරිසක් දෙරට අතර සටන් විරාමය නිරීක්ෂණයේ යෙදෙන  හමුදා කමිටුවකට සහභාගී වීම පිණිස පිටත් කර හැරිණි. වසරකට ආසන්න කාලයක් දෙරට අතර පැවති  ගැටුම්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ගිවිසුමක් හමුවේ අවසන් කෙරුනේ ඉකුත් වසරේදීය. එතැන් සිට,  විටින් විට එය උල්ලංඝනය කෙරෙන බවට දෙපාර්ශ්වය අතර  චෝදනා එල්ල වේ.

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා, දකුණු ලෙබනනයේ ස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ NNA රාජ්‍ය පුවත් ඒජන්සිය ද වාර්තා කළේය.

 




(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්