leader s

නැගෙනහිර ජෙරුසෙලමේ පිහිටි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සි කාර්යාල පරිශ්‍රය ඊයේ (08) ඊශ්‍රායල බලධාරීන් විසින් වැටලීමට ලක් කෙරිණි.

ඔවුහු එම පරිශ්‍රයේ ඊශ්‍රායල ධජය නැංවීමට පියවර ගත්හ. අදාළ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය කාර්යාල පරිශ්‍රය වැටලීමට ලක් කළ බව ඔවුහු ප්‍රකාශ කළහ.  

එය දැඩි ලෙස හෙලාදකිමින් එම ඒජන්සිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඊශ්‍රායලයේ එම ක්‍රියාව ජාත්‍යන්තර නීතීන් උල්ලංඝනය කරන්නකැයි එහි සඳහන් ය.

un2837642804

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය ආන්තිකව ක්‍රියාකරන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. ඊට අයත් පරිශ්‍රයන් වෙතින් වහා ඉවත් වන ලෙසට සහ එහි ක්‍රියාන්විත මුළුමනින් නවතන ලෙස, ඊශ්‍රායලය විසින් සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව, මෙම වසර මුල සිට එම ගොඩනැගිල්ල පරිහරණයෙන් තොරව පැවති බව ඒජන්සිය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, අන්තෝනියෝ ගුටෙරෙස් ද ඊශ්‍රායලයේ එම වැටලීම දැඩි ලෙස හෙලා දකිමින් නිවේදනයක්  නිකුත් කළේය.

"මෙය එක හෙලාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිශ්‍රයක්. එය වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක අත පෙවීමකට, ආක්‍රමණයකට හෝ බාධා කිරීමට නතු නොවිය යුතුයි. බාධා කිරීම් වලට ලක් වූ,  එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය  සතු සියළු පරිශ්‍ර, වහා ස්වාධීන කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස, ඊශ්‍රායලයට උදක්ම දන්වා සිටිනවා. එමෙන්ම, ඒ සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ද, දන්වා සිටිනවා," යි, ගුටෙරෙස් සිය නිවේදනයෙන් වැඩි දුරටත් කියා සිටී.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රධානී, ෆිලිප් ලසරිනී එක්ස් (X) පණිවුඩයක් නිකුත් කරමින්, ඊශ්‍රායලයේ ක්‍රියාව ලොව පුරා පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාන්විතයන් අනතුරේ හෙලීමක් බව අවධාරණය කළේය.

 

unn567n567e567u85e67

ෂෙකල් මිලියන 11ක හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක දේපල බදු පැහැර හැරීම පිලිබඳ පූර්ව දැනුම්දීම් ද නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පරිශ්‍රය වැටලූ බව ජෙරුසෙලම් නගර සභාව පැවසීය. ඒ පිලිබඳ අවස්ථා ගණනකදී සිහි කැඳවීම් සහ  අනතුරු ඇඟවීම්  නිකුත් කළ බවත්, අමතර සහන ලබා දීම් පිළිබඳව  දන්වා සිටි බවත්, එම බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒජන්සියේ ක්‍රියාන්විත තහනම් කිරීමට ඊශ්‍රායලය විසින් නියෝග නිකුත් කර තිබුණ ද, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිශ්‍රයක් බවත්, එමගින් නගර සභාවට අයවිය යුතු කිසිදු මුදලක් නොමැති බවත්, එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රකාශක ජොනතන් ෆොව්ලර් පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රාජ්‍යයක් වශයෙන්, ඊශ්‍රායලයට ඒ සම්බන්ධයෙන් ඇති වග වීම පිලිබඳ මීට පෙර "ඇති පදම්" සිහි ගන්වා ඇති බව ද ඔහු අවධාරණය කළේය.

unb467n54w45645w6
වැටලීම පිලිබඳ, ඊශ්‍රායල රාජ්‍ය  ප්‍රකාශක පිළිතුරු දීමෙන් වැළකී සිටි අතර, එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ක්‍රියා කලාපය පිලිබඳ විවේචන ඇතැයි සඳහන් කළේය. 2023, ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයට ඒජන්සියේ ඇතැම් සේවකයින්ගේ සම්බන්ධයක් ඇතැයි අනුමාන කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය, එම සංවිධානයට කළු පැල්ලමක් බව ඊශ්‍රායල රාජ්‍ය  ප්‍රකාශක, සොෂ් බෙඩ්‍රෝෂන්  කියා සිටී.

"එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය සහ  හමාස් ත්‍රස්තයින් අතර ගාසා තීරයේ  සෘජු සබඳතා පවතිනවා. ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ සිදු කළ සමූල ඝාතනයට සම්බන්ධ  සෑම  ත්‍රස්තවාදියකු  පාහේ ඊට සම්බන්ධයි. කොටින් කියතොත්,  ප්‍රහාරයට ආ එකෙක්,   ඔය ඒජන්සියේ පාසලක අධ්‍යාපනය  ලද්දෙක්," බෙඩ්‍රෝෂන් පැවසීය.

 

b5b6i6euieuneb5675

ඊශ්‍රායල පොලිස් යතුරු පැදි, ට්‍රක් රථ සහ භාණ්ඩ ඔසවන දොඹකර එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සි පරිශ්‍රයට ඇතුළු වූ අතර, එහි සියලු සන්නිවේදන විසන්ධි කළ බව, ලසරිනී පැවසීය. ඒජන්සිය සතු තොරතුරු තාක්ෂණ උපකරණ, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් දේපළ අත්අඩංගුවට ගැනිණි.

1949 වසරේ  ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය සතු කාර්ය භාරය තවත් වසර තුනකට දීර්ඝ කිරීමට, එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේ අනුමැතිය හිමි විය.

ඒජන්සිය, සිය සැබෑ මුහුණ වසන් කර ක්‍රියා කරන බවත්, එහි සියලු කාර්ය භාරයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් අනෙකුත් සංවිධාන හා ආයතන යටතට පත් කළ යුතු බවත්, ෆොව්ලර් පැවසීය.

 



සිය අයිතීන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ කාර්ය භාරය මහෝපකාරී බව පලස්තීනුවෝ පවසති. ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ බවට නැගෙන චෝදනා මත, එහි සේවකයින් රැසක් ඉන් නෙරපා හැරීමට ද එම ඒජන්සිය මීට පෙර  පියවර ගත්තේය. 2024 වසරේ ඔක්තෝබර මස පාර්ලිමේන්තු පනතක් මගින්, ඊශ්‍රායලය තුළ එම ඒජන්සියට අයත්  සියලු ක්‍රියාන්විත තහනම් කෙරුණු අතර, රාජ්‍ය නිලධාරීන්ට, ඒ හා සබඳතා පැවැත්වීම ද සපුරා තහනම් කෙරිණි.

ඊශ්‍රායලය බලෙන්  අත්පත් කර සිටින ප්‍රදේශයක් සේ එක්සත් ජාතීන් විසින් සැලකෙන නැගෙනහිර ජෙරුසෙලමේ, එම  ඒජන්සිය ක්‍රියාත්මක ය. සමස්ත ජෙරුසෙලමේ අයිතිය තමන් සතු බව ඊශ්‍රායලය පවසයි.

1967 මැද පෙරදිග යුද්ධය අතර සිදු කළ ආක්‍රමණයෙන් පසු, 1980 දී නැගෙනහිර ජෙරුසෙලම ඊශ්‍රායලය වෙත ඈඳා ගැනිණි. එය, ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් රටවල් රැසක මතය වේ.

 

r0 90 800 510 w1200 h630 fmax

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය, ගාසා තීරයේ, බටහිර ඉවුරේ සහ තවත් මැද පෙරදිග රටවල් කිහිපයකම ක්‍රියාත්මක ය. එමගින්, මිලියන ගණනක පලස්තීන ජනයා හට පාසල්, සෞඛ්‍යාරක්ෂණ, සමාජ සුභ සාධන සහ නිවාස පහසුකම් සැපයේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli authorities raid UN Palestinian refugee agency's East Jerusalem compound

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්