ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව අද (09) ඉතිහාසයට එක් වේ.
මෙම නීතිය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන් වන TikTok, ඇල්ෆබෙට් සමාගමේ YouTube, සහ Meta සමාගමේ Instagram හා Facebook ඇතුළු තවත් බොහෝ සේවාවන් වෙත මෙලෙස අවුරුදු 16ට අඩු දරුවන්ට ප්‍රවේශ වීම අවහිර වනු ඇත.
නව නීතිය යටතේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ ගිණුම් ඉවත් කිරීමට හෝ ඔවුන්ට නව ගිණුම් විවෘත කිරීම වැළැක්වීමට අදාළ සමාගම් 'සාධාරණ පියවර' ගත යුතු අතර, එය කඩ කරන සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් දක්වා දඩ නියම කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.
Australia's world-first social media ban for under-16s comes into effect
Why is Australia banning social media for teenagers?
Australia social media ban set to take effect, sparking a global crackdown







