leader s

ගාසා තීරය වෙත මානුෂීය ආධාර  ප්‍රවාහනය කඩිනම් කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අද (10) ජෝර්දාන දේශ සීමාවේ ඇලෙන්බි පිවිසුම යළි විවෘත කළේය.


 ආධාර රැගෙන ප්‍රවාහනය කෙරෙමින් තිබූ ට්‍රක් රථ රියදුරකු විසින් සිදුකළ වෙඩි තැබීමකින්, ඊශ්‍රායල හමුදා භටයින් දෙදෙනකු ඝාතනය වීමත් සමග, ඉකුත්  සැප්තැම්බරයේ සිට, භාණ්ඩ සහ ආධාර ප්‍රවාහනයට ඇලෙන්බි පිවිසුම වසා දැමීමට එම හමුදා පියවර ගත්හ. ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් එම රියදුරා ද ජීවිතක්ෂයට පත් විය.

අද, එම දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරුණද, ඒ ඔස්සේ ඇතුළු වන ජෝර්දාන් රියදුරන් සහ භාණ්ඩ දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බව, ඊශ්‍රායල හමුදා පවසති. එහි රාජකාරි පිණිස සුවිශේෂී හමුදා බලකායක් අනුයුක්ත කර  ඇතැයි ද, ඔවුහු කියති.

85ec7ab0 99ea 11f0 928c 71dbb8619e94.jpg

 ජෝර්දානය සහ ඊශ්‍රායලය  අතර භාණ්ඩ ප්‍රවාහනයට ඇලෙන්බි පාලම වෙසෙස් දායකත්වයක් සපයයි. ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ, මිලියන 3කට අධික පලස්තීනුවන් හට, ජෝර්දානයට සහ සෙසු ලෝකය වෙත පිවිසීමට ඇති එකම ද්වාරය ද එය වේ.

ට්‍රක් රථ රියදුරකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් වසා දැමීමට තීරණය කළ එම දේශ සීමා පාලම,  අනතුරුව මගී ප්‍රවාහනය උදෙසා යළි විවෘත කෙරිණි.  එහෙත්, ආධාර ට්‍රක් රථ සඳහා එය තහනම් විය. ගාසා තීරය වෙත  අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය,  කූඩාරම් සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනයට එය අතිශය තීරණාත්මක පිවිසුම් මගක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්