leader s

චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම් ලත් ආසියානු රටක්. එහි එදිනෙදා ජිවිතයේ බොහෝ සිරිත් විරිත් සිදු වෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයට අනුවයි. එමෙන්ම සෑම වසරක්ම සත්ව විශේෂයකින් නම් කිරීම චීනයේ අතිතයේ සිට පැවැත එන සිරිතක්. චීන ලිත් ක්‍රමයේ වර්ෂ දොළහක් වාර්ෂික සතුන්ගේ නම්වලින් හැඳින්වෙනවා.

ඒ, මීයා﹑හරකා﹑කොටියා﹑හාවා﹑මකරා﹑නයා﹑අශ්වයා﹑එළුවා﹑වඳුරා﹑කුකුලා, බල්ලා හා ඌරා ගේ නම්වලින්. එයට අනුව එළඹෙන වසර හත්වන රාශි චක්‍රයට අයත් අශ්වයාගේ වසර ලෙසයි සැලකෙන්නේ. මේ අශ්වයාගේ වසරට ගැඹුරු සංස්කෘතික පසුබිමක් මෙන්ම විවිධ සංස්කෘතික ලක්ෂණයන් ද පවතිනවා. සාම්ප්‍රදායික චීන සංස්කෘතියේ  අශ්වයාගෙන් සංකේතවත් වෙන්නේ වේගය, නිදහස සහ නොපසුබට උත්සාහයයි.

WhatsApp Image 2025 12 11 at 7.48.20 AM

සෑම වසරකම චීන අලුත් අවුරුද්ද පිළිගන්නේ ‍වෙනස්ම ආකාරයකින්. ඒ චීන සංස්කෘතියේ අද්වීතිය බව විදහා පාන සංස්කෘතික මංගල්‍යයකින්. ලොව පුරා වැඩිම පිරිසක් සජීව ලෙස නරඹන රූපවාහිනි වැඩසහන ලෙස වාර්තා අලුත් කරමින් මෙවරත් චීන මාධ්‍ය  සමූහය එය අතිඋත්කර්ශවත් ලෙස සංවිධානය කිරීමට අපේක්ෂා කරනවා.


චීන මාධ්‍ය සමූහය (CMG) එම නව වසර පිළිගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම අලුත් අවුරුදු කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රූපවාහිනී ප්‍රසංගයේ තේමාව සහ ප්‍රධාන ලාංඡනය ඊයේ (10) ඉදිරිපත් පත්‍ කළා. 

 WhatsApp Image 2025 12 11 at 7.48.20 AM 1

"වේගවත් පිම්ම, නොනවතින ගම්‍යතාව" යන්න එහි තේමාවයි. ප්‍රීතිමත් මෙන්ම සුබදායී පරිසරය මධ්‍යයේ ලොව පුරා වෙසෙන චීන ජනතාවට නව වසර පිළිගැනීම වෙනුවෙන් සුවිශේෂී සංස්කෘතික  අත්දැකීමක් විඳීමට ඉන් ආරාධනා කරනවා.


එහි ප්‍රධාන ලාංඡනය, "අශ්වයින් සිව් දෙනෙකු එක්ව ධාවනය" වන අයුරු ආභාසයට ගනිමින් සාම්ප්‍රදායික චීන වලාකුළු සහ ගිගුරුම් රටා අංග ද සුසංයෝගීව නිර්මාණය කර තිබෙනවා. ප්‍රබල ශක්තියකින් ඉදිරියට ගමන් කරන ආත්මයක් එමගින් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.



සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්