leader s

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකදී ප්‍රහාරකයෙකු බිම දමා, ඔහුගේ තුවක්කුව උදුරා ගෙන ජීවිත රැසක් බේරාගත් පුද්ගලයෙකු 'වීරයෙකු' ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත.


පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මෙම සිද්ධියේදී, මෙම සාමාන්‍ය වැසියාගේ මැදිහත්වීම හේතුවෙන් විශාල ජීවිත හානියක් වැලකී යන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

43 හැවිරිදි දෙදරු පියෙකු සහ පළතුරු වෙළෙඳසැලක හිමිකරුවෙකු වන අහමඩ් අල් අහමඩ් නමැති මෙම පුද්ගලයා, මෝටර් රථ නැවැත්වීමේ ස්ථානයකදී රයිෆලයක් අතැතිව සිටි ප්‍රහාරකයෙකු වෙත දිව යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ.

ඔහු එම පුද්ගලයාව පොරබැදීමකින් බිම දමා, රයිෆලය උදුරාගෙන එම ආයුධයම ඔහුට එල්ල කරන ආකාරය එහි සටහන්වේ.

පසුව නිරායුධ වූ ප්‍රහාරකයා පසුපසට වී තවත් වෙඩික්කරුවෙකු සිටි පාලමක් දෙසට ගමන් කරන විට, අහමඩ් අල් අහමඩ් තුවක්කුව බිම තබන ආකාරය ද වීඩියෝවේ දැක්වේ.

ඔස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රවෘත්ති සේවයක් උපුටා දක්වමින් අල් අහමඩ්ගේ ඥාති සහෝදරයෙකු වන මුස්තාෆා පවසා ඇත්තේ, සිද්ධිය අතරතුර අල් අහමඩ්ට දෙවරක් වෙඩි වැදී ඇති බවයි.


"ඔහු රෝහලේ ඉන්නවා, ඇතුළත සිදුවන්නේ කුමක්දැයි අපි හරියටම දන්නේ නැහැ. ඔහු හොඳින් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඔහු සියයට සීයක්ම වීරයෙක්," යනුවෙන් මුස්තාෆා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ඊයේ (14) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පසු එක් සැකකරුවෙකු ඝාතනය කර ඇති අතර, අනෙක් සැකකරු බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව සිටියි.

පොලීසිය තෙවන වෙඩික්කරුවෙකු සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා.

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

 

Emergency workers transport a person on a stretcher after a reported shooting at Bondi Beach in Sydney, Sunday, Dec. 14, 2025. (AP Photo/Mark Baker)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩායි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (14 වැනිදා) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ.

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා - පුතු වන බවට ද අනාවරණය කර ගෙන ඇත.

 

bondi 3
එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

අදාළ උත්සවයට දහසකට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර වෙඩික්කකරුවන් ඔවුන් ඉලක්ක කර සමූහ වෙඩි තැබීමක් සිදු කර තිබිණි. එම අවස්ථාවේ එහි සිටි සිවිල් පුද්ගලයකු විසින් එක් වෙඩික්කරුවකුගේ ගිනිඅවිය උදුරාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය වෙඩික්කරුට අයත් වාහනයක තිබී පසුව පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.

 

bondi 4

මෙම වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් බවට නිව් සවුත්වේල්ස් පොලිසිය ඊයේ (14 වැනිදා) පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය. තවද මෙය යුදෙව් විරෝධි ක්‍රියාවක් බව ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා සඳහන් කළේය.

(hirunews)

සබැඳි පුවත :

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ! පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට: සිඩ්නිහිදී පුපුරවන්න හැදූ පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

Australia Bondi Beach shooting kills at least 15, details on suspects emerge

Bondi Beach gunmen who killed 15 after targeting Jewish celebration were father and son, police say

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්