leader s

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර ඇත.

ඒ අනුව පලස්තීනය, සිරියාව, බර්කින ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවල පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙරද ට්‍රම්ප් විසින් ජූනි මාසයේදී රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ලියවිල්ලක් ද අත්සන් තබා තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ, "විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්" සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණය ගන්නා බවය. එසේ තහනමට ලක් වු රටවල් වුයේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඉක්වටෝරියල් ගිනි, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

banhate1
ඒ අනුව, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින නව ප්‍රකාශනයකට අත්සන් කරමින්, සම්පූර්ණ හෝ අර්ධ ගමන් සීමා පනවා ඇති රටවල් ලැයිස්තුව 19කින් 39කට පුළුල් කර ඇතැයි ධවල මන්දිරය සඳහන් කරයි.

එසේම, අර්ධ ගමන් සීමා පනවා ඇති නව රටවල් 15ක් ද ලැයිස්තුවට එක්කර ඇත. එනම් ඇන්ගෝලා, ඇන්ටිගුවා, බාර්බුඩා, බෙනින්, අයිවරිකොස්ට්, ඩොමිනිකා, ගැබොන්, ගැම්බියා, මලාවි, මෞරිටානියා, නයිජීරියාව, සෙනෙගල්, ටැන්සානියාව, ටොන්ගා, සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල්ය.

වොෂින්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ජාතික ආරක්ෂකයෙකු මියගොස් තවත් අයෙකු දැඩි ලෙස තුවාල ලැබීමෙන් අනතුරුව, ට්‍රම්ප් විසින් ආගමන පාලන දැඩිකිරීම මෙම තීරණයට පසුබිම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 



ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු පාලන කාලයේදී, මුස්ලිම් බහුතර රටවල් 7ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ අතර, එය අධිකරණයේ අභියෝගයට ද ලක්විය.

2017 දී නිකුත් කළ තෙවන සංශෝධිත තහනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලදී. එය ඉරානය, උතුරු කොරියාව, සිරියාව, ලිබියාව, යේමනය, සෝමාලියාව සහ වෙනිසුවෙලා යන රටවලට විවිධ මට්ටමේ සීමා පනවා තිබුණි. එම තහනම 2021දී බලයට පැමිණි ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉවත් කරන ලදී.

(aruna)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්