leader s

දැඩි ඊශ්‍රායල මැදිහත්වීම් ලිහිල් නොකෙරෙන්නේ නම්, ගාසා ඇතුළු පලස්තීන කලාපයේ මානුෂීය මෙහෙයුම් තවදුරටත් අඩපණ වීම නොවැලැක්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම් ඊයේ (17) දන්වා සිටියහ. ආධාර බෙදා හැරීම තුළ ක්‍රියාත්මක විනිවිද භාවයෙන් තොර, විවාදාත්මක සේම උග්‍ර දේශපාලනීකරණයට යටත් ලියාපදිංචි ක්‍රියාවලිය හේතුවෙන් ගාසා මානුෂීය මෙහෙයුම් කඩාකප්පල් වී ඇතැයි, ඔවුහු චෝදනා කරති.


ආධාර කණ්ඩායම් රැසක ලියාපදිංචිය මෙම මස 31 දාතමින් අවසන් වීමට නියමිතය. ඒ අනුව, දින 60ක් තුළ ඔවුන් සිය මෙහෙයුම් අවසන් කළ යුතුව ඇතැයි, ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් 200කට අධික  සංඛ්‍යාවක් ඒකාබද්ධ නිවේදනයක් මගින් කියා සිටිති. ඉන් පසු, ඔවුන්ට තව දුරටත් එහි අත්‍යවශ්‍ය සහ මූලික සේවා සිදු කිරීමේ බලය හිමි නොවේ.

 

මේ වන විට, ගාසා තීරයේ ක්ෂේත්‍ර රෝහල්, ප්‍රථමික සුව සේවා මධ්‍යස්ථාන, හදිසි නිවාස අවශ්‍යතා පිලිබඳ  ප්‍රතිචාර, ජල හා සනීපාරක්ෂක සේවා, දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් උදෙසා ස්ථාපිත පෝෂණ මධ්‍යස්ථාන මෙන්ම, බෝම්බ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය සේවා බහුතරය ක්‍රියාත්මක වන්නේ එම ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් හි සහායෙනි.

බොහෝ ආධාර කණ්ඩායම් පසු  ගිය මාර්තු මස  හඳුන්වා දෙන ලද ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි ව  සිටිති. ඒවා යළි ලියාපදිංචි විය යුතු බවට දන්වා තිබේ. එම   ක්‍රමවේදයන්  දැඩි විවාදාත්මක ය.  ඒ හේතුවෙන්, අත්‍යවශ්‍ය ආහාර, වෛද්‍ය උපකරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ තාවකාලික  සෙවණ ආධාරක වැනි ඇමෙරිකානු ඩොලර් මිලියන  ගණනක භාණ්ඩ ගාසා වාසීන් වෙත බෙදා හැරීමට නොහැකිව පවතී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්