leader s

එක්සත් ජනපදය ඊයේ (17) තායිවානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 11.1 ක අවි ගනුදෙනු අනුමත කළේය. තායිවානය මෙතෙක් ලද විශාලතම එක්සත් ජනපද අවි පැකේජය මෙය වේ. දිවයින වෙත දිනෙන් දින වර්ධනය වන චීනයේ බලපෑම හමුවේ මෙම අවි ගනුදෙනුව සිදු කෙරේ.


ජනපති ට්‍රම්ප්ගේ වත්මන් ධුර කාලය තුළ තායිවානය වෙත අවි  අලෙවි කෙරෙන දෙවන අවස්ථාව මෙය වේ. තායිවානය වෙත චීනයේ හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම උග්‍ර අතට හැරෙමින් පවතී. එරට ස්වෛරී භාවය පිලිබඳ චීනයට හිමිකම් නැතැයි, තායිවානය පවසයි.

වර්ගීකරණ අටක් යටතේ යෝජිත අවි ගනුදෙනු සිදු කෙරේ. හිමාර්ස් (HIMARS) රොකට් පද්ධති, කාලතුවක්කු, ජැවලින් (Javelin ) යුද ටැංකි නාශක මිසයිල, ඩ්‍රෝන යානා පද්ධති සහ තවත් උපකරණ ඊට ඇතුළත් ය.

 

එරට ස්වාරක්ෂක පද්ධතිය තර කිරීමට එක්සත් ජනපද සහාය හිමි වන බව, තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටී. එය කලාපීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට මනා පිටිවහලක් බව එහි සඳහන්ය.  

එක්සත් ජනපද අනුමැතිය හිමි අවි ගනුදෙනු කෙටුම්පත මේ වන විට, තායිවාන කොන්ග්‍රසය හමුවට ඉදිරිපත් කර තිබේ. ඊට පක්ෂ රැසක සහාය හිමි වේ.

තායිවානයේ ආරක්ෂක හමුදා නවීකරණය කිරීම යටතේ විශ්වාසදායී ස්වාරක්ෂාව තහවුරු කිරීම පිණිස එම අවි ගනුදෙනු සිදු කෙරෙන බව, පෙන්ටගනය පවසයි. එක්සත් ජනපද ජාතික, ආර්ථික සහ ආරක්ෂක අභිලාශය පරිදි තායිවානයට එම සහාය  හිමි වේ.

 

t98234 
තායිවානය, එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ වර්ධනය පිණිස අඛණ්ඩ වැඩපිළිවෙළක නිරතව සිටින බව, එරට ජනපති කාර්යාල ප්‍රකාශක කැරෙන් කුඕ (Karen Kuo) පවසයි.

එක්සත් ජනපද - තායිවාන අවි ගනුදෙනුව සම්බන්ධයෙන් චීනය විසින් දැඩි විරෝධය පළ කර තිබේ. එය තායිවාන සමුද්‍ර සන්ධියේ ස්ථාවරත්වය උල්ලංඝනය කරමින්, කලාපීය සාමයට එල්ල කළ දැඩි බලපෑමක් බව චීනය කියයි.

තායිවාන විදේශ අමාත්‍ය ලින් චියාලුඞ් (Lin Chia-lung) පසු ගිය සතියේ හොර රහසේම වොෂින්ටනයේ සංචාරයක නිරත විය. එහිදී ඔහු එක්සත් ජනපද නිලධාරීන් හමුවීමෙන් අනතුරුව, දෙරට අතර නවතම අවි ගනුදෙනු පිලිබඳ නිවේදනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

US approves $11.1 billion arms package for Taiwan, largest ever

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්