leader s

බොන්ඩි ප්‍රහාරය අතරේ කුඩා ළමුන් දෙදෙනකුගේ ජීවිත වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කළ දැරියක පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ඇය චායා ඩැඩන් (Chaya Dadon) නම්, 14 හැවිරිදි යුදෙව් ජාතික තරුණ දැරියකි. 

 

bondi 3

පසුගිය ඉරිදා (13), එරට සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ පැවති යුදෙව් සැමරුම් උළෙලක් ඉලක්ක කර පිය-පුතු ප්‍රහාරක දෙපළක් වෙඩි තැබූහ. එම අවස්ථාවේ, තමා සිටි ස්ථානයට නුදුරේ, වෙඩි වැදීමෙන් තුවාළ ලත් දෙමාපියන් අසළ අසරණව, ප්‍රහාරයට නිරාවරණයව සිටි කුඩා දරුවන් දෙදෙනකු දුටු චායා, වහා ඔවුන් වෙත දිව ගොස්, එම දරුවන් දෙදෙනා හුන් තැනින් ඉවතට ඇද, බිම හොවා, තම සිරුරින් ඔවුන් දෙදෙනා ආවරණය කරමින්, ආරක්ෂාව සැලසීමට ක්‍රියා කළාය. ප්‍රහාරකයකුගේ වෙඩි පහරින් ඇගේ කලවයකට තුවාළ සිදු විය. එම තුවාළ ද නොතකා යුදෙව් යාතිකා කියමින් සියලු වැර යොදා දරුවන් දෙදෙනා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව, ඇය රොයිටර්ස් පුවත් සේවය හමුවේ කියා සිටියාය.

887aaf4080918892fb9915de782d876d796336f7

 

යුදෙව් හනුකා සැමරුමකට සහභාගී වෙමින් සිටි සිය ගණනක් පිරිස ඉලක්ක කර එල්ල කළ එම වෙඩි ප්‍රහාරයන්ගෙන් පුද්ගල ජීවිත 15ක් අහිමි විය. තවත් විශාල පිරිසක් තුවාළ ලදහ. අවසන, පොලිස් වෙඩි පහරින් පිය ප්‍රහාරකයාද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතල තුවාළ ලද පුත්‍ර ප්‍රහාරකයා, කෝමා තත්ත්වයෙන් රෝහල් ගත කෙරිණි. මනුෂ්‍ය ඝාතනය සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා 59ක් යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කෙරේ. 


"මට මා පමණක් වීරවරියක් සේ නොදැනේ. එම අවස්ථාවේ එතැන සිටි සැම කෙනකුම වීරයෙක්, නැත්නම් වීරවරියක්," චායා පැවසීය. චායා එම උත්සවයට පැමිණ සිටියේ ඇගේ මිතුරියක ද සමගිනි. 

 

G8YywvLWQAAl9GD

ප්‍රහාරයෙන් තුවාළ ලද ඇයට සිඩ්නි ළමා රෝහලේ සිව් දිනක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. බ්‍රහස්පතින්දා (18) රෝහලින් පිටව ගිය ඇයට දැන් ඇවිදීමට සිදුව ඇත්තේ කිහිලිකරු ආදාරයෙනි. එම කිහිලිකරු, ප්‍රහාරයේදී මිය ගිය අය අනුස්මරණය පිණිස ඔවුන්ගේ සේයා රුව සහිත ස්ටිකරයෙන් සැරසීමට ද චායා විසින් කටයුතු කර තිබේ.  

ඇය විසින් දිවි ගලවා ගත් කුඩා ළමුන් දෙදෙනා නාඳුනන බවත්, ඉතා ඉක්මනින් ඔවුන් හා සම්බන්ධ වීමේ අදහසින් පසුවන බවත් ඇය කියා සිටියාය. 

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්