බංග්ලාදේශයේ ජනප්‍රිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ මරණයෙන් පසු, ඊයේ (18) සිට රැය පහන්වන තුරු දැවැන්ත උද්ඝෝෂණ
හට ගත්තේය. අද ධකා සහ තවත් නගර රැසක පොලිස් සහ හමුදා ආරක්ෂාව තර කර තිබේ.
මිය ගිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයා ඉදිරි ජාතික මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටි බව වාර්තා වේ.
උදෑසන, නගර වීදි සාමකාමී වුව, සිකුරාදා යාඥා මෙහෙයන්ගෙන් පසු යළි භීෂණය ඇවිලේ දැයි ජනතාව බියට පත්ව සිටිති.
මරණයට පත් ෂරිෆ් ඔස්මාන් හාදි (Sharif Osman Hadi) නම් 32 හැවිරිදි එම ශිෂ්‍ය ක්‍රියාකාරිකයා එරට මෑතකාලීන ජන අරගලයේ "විප්ලවයේ වේදිකාව" නම් තරුණ කණ්ඩායමක ප්‍රකාශකයකු ලෙස කටයුතු කළේය. එම ජන අරගලය, අග්‍රාමාත්‍ය, ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විය. ඉකුත් සිකුරාදා, සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටියදී (12) මුහුණු ආවරණ පැළඳි ඝාතකයෝ ධකා නුවරදී, හාදි ගේ හිසට වෙඩි තැබූහ. බරපතල තුවාළ ලත් ඔහු, අසල රෝහලක හදිසි මූලික ප්‍රතිකාර වලින් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර පිණිස සිංගප්පුරුව බලා වහා පිටත් කෙරිණි. එහිදී දින හයක් ජීවිත ආධාරක මත මරණය හා සටන් කළ හාදි, ඊයේ ජීවිතක්ෂයට පත් විය.
ඔහු ඉන්දියාව සම්බන්ධයෙන් දැඩි විවේචනයේ යෙදුණු අයෙකි.
ඊයේ වීදි බට උද්ඝෝෂකයෝ රාත්‍රියේ, එරට විශාලතම දිනපතා පුවත්පත වන ප්‍රොතොම් අලෝ ( Prothom Alo) සහ ඩේලි ස්ටාර් ( Daily Star) පුවත් පත් කාර්යාල ගිනි ලෑහ. ගිනි නිවන හමුදාව විසින් ගින්න පාලනය කළ අතර, ගොඩනැගිලි තුළ සිර ව සිටි ජනමාධ්‍යවේදීන් බේරා ගැනීමට කටයුතු කෙරිණි.
හාදි ගේ මරණයට වහා සාධාරණය ඉටු කරන ලෙස ඔවුහු රජයට බල කර සිටිති.
මේ වන විට, බංග්ලාදේශ පාලනය, නොබෙල් ත්‍යාග ලාභී, මුහම්මද් යූනුස් ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර පරිපාලනයක් යටතේ ක්‍රියාත්මකය. එරට ජාතික මැතිවරණය එළැඹෙන පෙබරවාරි 12 වන දාටයෙදී තිබේ. ජන අරගලයෙන් බියට පත් හිටපු අගමැතිනි හසීනා, 2024 අගෝස්තු මස ඉන්දියාවට පලා ගියාය.
හාදි ගේ මරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර පරිපාලනය විසින් හෙට (20), එරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)